ඩේලි මිරර් පුවත්පත පවසන ආකාරයට ආන්දෝලනයට තුඩු දී තිබෙන චීනයෙන් මෙරටට ගෙන්වන ලද කාබනික පොහොර තොගය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා චීන තානාපතිවරයා සමග අදහස් හුවමාරු කරගෙන ඇත.
එහිදී අගරාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා එම පොහොර තොගයේ ප්‍රමිතිය පිළිබඳව දේශීය වෙනත් තෙවන පාර්ශවයකට පරික්ෂා කිරීමට ඉඩ දී ඒ අනුව තීරණය කිරීම සුදුසු බව පවසා ඇතයි ඩේලි මිරර් පුවත්පත පවසයි.
එමෙන්ම දෙරට අතර පවත්නා මිත්‍රත්වයට හානියක් නොවන ආකාරයෙන් ගැටලුව විසඳාගත යුතු බව අග්‍රාමාත්‍යවරයාගේ මතය බව පවසන ඩේලි මිරර් පුවත් පත චීනයෙන් මෙරටට ස්වැප් පහසුකම යටතේ ලබා දීමට නියමිතව තිබූ ණය මුදලක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතරතුර මෙම අදහස් හුවමාරු කරගත් බව පැවසේ.
ඩේලි මිරර් පුවත් පත වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ පොහොර තොගය පිළිබඳ කාරණය වැඩිදුරටත් සොයා බලා චීන තානාපතිවරයා යළි සම්බන්ධ කර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා පවසා ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...