ජනාධිපතිතුමා විසින් “එක රටක්- එක නීතියක්” ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ලබා ගැනීමට පත් කළ කාර්ය සාධක බල ඇණිය පිළිබඳව ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය වෙත විවිධ පුද්ගලයන් විසින් විවිධ මතවාද විවිධ අදහස් ඉදිරිපත් කරමින් පවතී. ඒ අනුව ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් ජාතික සංවිධානවල මතය විමසන ලදී. “එක රටක්- එක නීතියක්” ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ලබා ගැනීමට පත් කළ ජනාධිපති කාර්ය සාධක බල ඇණිය සම්බන්ධයෙන් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
” මේක ‘එක රටක්-එක නීතියක්’ සංකල්පය මේ රටේ දේශපාලන යථාර්තයක් බවට පත් කිරීම වැලැක්වීම සඳහා පමණක් නොවෙයි නැවත කිසි දිනක ඒ ගැන කථා කිරීම වැලැක්වීම සඳහා ඇටවූ උගුලක්. මේක ඉස්ලාම් අන්තවාදීන්ට හිතවාදී ආණ්ඩුවේ ප්‍රභලයෙකු ජනාධිපතිතුමාට දීපු ලනුවක් බව ඉතා පැහැදිළියි. අපේ අලි සබ්‍රි මහතා මේ ක්‍රියාවලිය දිහා දෙකොනෙන් සිනා සිසී බලා සිටින බවට සැකයක් නැහැ.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...