ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව පිට කෝට්ටේ සෝලිස් ශාලාවේ දී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවේ මංගල සැසිය අමතමින් පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ටෙන්ඩර් ගත ව්‍යාපෘතියකට ඉදිරිපත් වූ ටෙන්ඩර් ඇගයීමට ලක් වෙමින් තිබියදී ටෙන්ඩර්ගත නොවූ සමාගමකට ව්‍යාපෘතියක් ලබා දුන් ඉතිහාසයේ ප්‍රථම අවස්ථා යුගදනව් ගිවිසුම බවයි.
අන්ත දූෂිත බවට හංවඩු ගසන ලද ජේ ආර් යුගය, ප්‍රේමදාස යුගය, චන්ද්‍රිකා යුගය, රනිල් යුගයටත් වඩා දුෂිත දේ වත්මන් රජය යටතේ සිදුවන බවද ඇමැතිවරයා අවධාරණය කළේය.
ලංකාවේ ගෑස් විදුලි බලාගාර තිබෙන තාක් එය පාලනය කිරීමේ යතුර ඇමරිකාවට ලබාදීම මෙම ගිවිසුම හරහා සිදුවන බවද ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම ගිවිසුම සෑම අතින්ම ජාතික ආරක්ෂාවට තර්ජනාත්මක ගිවිසුමක් බවත් එනිසා මෙම ගිවිසුමට එරෙහිව හඬ නැගීම සඳහා ඇමතිධූර පමණක් නොව ඒ සඳහා කළ හැකි ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බවත් ඔහු තව දුරටත් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...