දේශීය පුවත්

යුගදනවි බලාගාරයට ගෑස් සැපයිමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිමට පිට කෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවැති මහජන මන්ත්‍රණ සභාව අමතමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ,
යුගදනවි බලාගාරයට ගෑස් සැපයිමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡාවට ලක් නොවූ බවත් මෙම ගිවිසුම හරහා ගෑස් සැපයීමේ ඒකාධිකාරිය නිමා නොවන කාලයකට ඇමෙරිකානු සමාගමට හිමිවන බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,
“ වසංගතය නිසා අමාත්‍ය මණ්ඩල රැස්වීම් පැවැත්වූයේ ඔන්ලයින් හරහායි. කැබිනට් මණ්ඩලයේ සාමාන්‍ය ක්‍රමය තමයි ප්‍රමාණවත් කාලයක් ඇමති මණ්ඩලයට සන්දේශ ලැබෙන්න ඕන. ඇමති මණ්ඩලය තම තමන්ගේ මතය ඉදිරිපත් කිරීමෙන් පසුව තමයි සම්මත කර ගන්නේ. ඊට අපි හැමෝම වගකියනවා.

නමුත් නිව් ප්‍රෝට්රේස් සමාගමට ශ්‍රී ලංකාවට ගෑස් සැපයීමේ ඒකාධිකාරිය, අනාගතයේ නොපෙනන ඉමක් දක්වා භාර දෙනවා. ඇමෙරිකානු සමාගමට සදාකාලිකවම ගෑස් සැපයිමේ ඒකාධිකාරිය දෙන මේ කැබිනට් පත්‍රිකාව ආවේ කොහොමද දන්නවද?

අපි ඔන්ලයින් ඉන්නවා. සියලු අපි දන්න කැබිනට් පත්‍රිකා කතා කරලා ඉවර කරනවා. වෙනත් කරුණු කියල මාතෘකාවක් එනවා. ඒකෙදී ගරු මුදල් ඇමතිතුමා අහනවා කැබිනට් ලේකම්ගෙන් ‘ලේකම්තුමා මමත් අද එකක් ගෙනාවා ඒක නැත්ද?’ කියලා.

කැබිනට් ලේකම් කියනවා ‘ගරු ඇමතිතුමා ඒක මට ආවේ මම වාඩිවුණාට පස්සේ මට ඒක කියව ගන්නත් බැරිවුණා කියලා. ඔබතුමා පැහැදිලි කරන්න’ කියනවා.

සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට පැහැදිලි කරන්නේ කැබිනට් ලේකම්තුමා. කැබිනට් ලේකම් කියනවා ‘මම මෙතන වාඩි වුණාට පස්සේ ඕක ආවේ. මට කියව ගන්නත් බැරිවුණා. දන්නේ ඔබතුමානේ ඔබතුමාම ඕක කියවන්න’ කියනවා.

මම ඇමතිමණ්ඩලයේ මහා දීර්ඝ කාලයක් නොසිටියත් මම එහෙම අවස්ථාවකට මුහුණ දීලා නෑ. ඒක ඒ විදිහට ඉවර වුණා.

ඊට පස්සේ උදය ගම්මන්පිල මැතිතුමා අපි මොකද වුණේ කියලා හිතන කොට කැබිනට් ඇමතිතුමා ඇවිත් කියනවා’ අහවල් කැබිනට් පත්‍රිකාවට ඇමතිතුමා දිර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ අතර දීර්ඝ සාකච්ඡාවලට පසුව මේ මේ තීරණවලට එකඟවිය’ කියලා.

මම බැලුවා ඔලුවට අයිස් කැටයකින් ගහගෙන මේ හීනයක්ද කියලා. කිසිම සාකච්චාවක් වුණේ නෑ. බොරු ලියන්න එපා. කිසිම සාකච්චාවක් වුණේ නෑ.

හොරට ගෙනාවේ. තක්කඩිකමින් ගෙනාවේ. කිසිම සාකච්ඡාවක් වුණේ නැ. මේ ඇමතිකට්ට වෙනුවෙන් ඔය ඔක්කොම පිළි අරගෙන හෘද සාක්ෂිය තඩි ගලකට ගැටගහලා වතුරට ඔබාගෙන ඉන්න අපිට බෑ. අපි ඒ සංස්කෘතියට අයිති අය නෙමෙයි.

මේ රටේ මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බලය දුන්නේ විශ්වාස කළේ වෙන අයට කොල්ල කන්න නෙමෙයි.

විදුලි බල මණ්ඩලයෙන් දාපු ටෙන්ඩරය මොකද්ද? ඩලස් ඇමතිතුමාට විදුලි බලයත් නැතිවුණා මම දන්නේ නෑ මේක හේතු වුණාද කියලා. එහෙමත් හිතෙනවා. ගබඩා නැවට එක ටෙන්ඩරයක්. නල පද්ධතිය එළීම තව ටෙන්ඩරයක්. ඒවගේම ගෑස් සැපයීම තියෙන්නේ විදුලි බල මණ්ඩලය අතේ.

විදුලි බල මණ්ඩලය ටෙන්ඩර් කරලා කලින් කලට විධිමත් ක්‍රියා පටිපාටියක් යටතේ එල්.එන්.ජී. ගන්නවා. නමුත් දැන් ගාණ තිරණය කරලා ඉවරයි. අපි පාවිච්චි කළත් නොකළත්, අපි හිතමු වැස්ස හොඳට තිබ්බොත් එල්.එන්.ජී. පාවිච්චිය අඩුවෙනවා. පාවිච්චි කළත් නොකළත් නියමිත එල්.එන්.ජී. ප්‍රමාණය අපි මිලදී ගන්න ඕන.

ගෑස් සැපයීමේ ඒකාධිකාරිය ලැබිමෙන් ලංකාව අභ්‍යන්තරයේ දේශපාලනයේ කේවල් කිරීමේ බලය ඇමෙරිකාවට ලැබෙනවා. මේක අනාගතය පාවදීමක්. බිල්ලට දීමක්.

අපි ඇමතිකම් තිබුණත් නැතත් මේ රටේ ජිවත්වෙලා මේ රටේ මැරිලා යන්න ඉන්න මිනිස්සු. අපේ බොඩි එක කොහොවත් වෙන රටකට ගෙනි යන්නේ නෑ. අවුරුදු පහකට බලයක් අරන් මුළු ගෑස් සැපයිමේ ඒකාධිකාරය මේ රටට හතුරු රටකට හොර පාරෙන් දෙන එකට අපි කිසිසේත් එකඟ වෙන්නේ නෑ. මේ සම්බන්ධයෙන් තව ගිවිසුම් දෙකක් අත්සන් කරන්න එනවා.

අපිට ඕන නෑ මේ ආණ්ඩුව කඩලා දාන්න. අපිට ඕන නෑ විරුද්ධ පක්ෂයේ දේශපාලන වශයෙන් නන්නත්තාර වෙලා ඉන්න අයට ජිවය දෙන්න. අපිට ඕන ජනවරමට අනුකූලව මේ ආණ්ඩුව අරගෙන යන්න.

ජනවරමට පස්ස හරවන එකාගේ පස්ස පැත්තට රිදෙන්න පහර දෙන්න. ඒ වගකිම අපි අතහරින්නේ නෑ. අපි අපේ වැඩපිළිවෙල ඉදිරියටම කරගෙන යනවා. ඒ වෙනුවෙන් කරන්න තියෙන ඕනෑම කැපකිරීමකට ලෑස්ති පිට තමයි මහජන මන්ත්‍රණ සභාව ආරම්භ කළේ. ඉතිරි ගිවිසුම් දෙක අත්සන් නොකිරීමට කටයුතු කළ යුතුයි. එය නතර කිරීම සඳහා අපි ආණ්ඩුව ඇතුළේ සිට හෝ ආණ්ඩුවෙන් එළියට වැටුණත් අපි යුතුකම ඉටුකරනවා.

අපේ ආණ්ඩුව වැරැද්දක් කරන කොට සද්ධ නැතිව ඉන්න ඕනද? වැරැද්ද කවුරු කළත් වැරැද්ද. මිනිස්සු අපි ගැන තිබ්බේ නිර්මල විශ්වාසයක්. මෙමෙම දෙයක් වෙයි කියලා කවුරුත් හිතුවේ නැ. ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නේ අද්භූත කැබිනට් පත්‍රිකාවලින් මේ වගේ දේවල් තීන්දු වෙන්න නෙමෙයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More