ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට සහාය දක්වන දේශපාලන පක්ෂ 11ක නායකයන් යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන්සමග ඊයේ (28 වැනිදා) රාත්‍රි පැවැති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී ඇත.
ඊයේ (28 වැනිදා) සවස 5.00 ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කළ මෙම සාකච්ඡාව පැය හතරහමාරක් පමණ කාලයක් පැවැති අතර ඊට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා සහභාගි වී සිටි බව වාර්තාවේ.
දේශපාලන පක්ෂ 11ක නායකයෝ යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට එරෙහිව සාකච්ඡාවේදී කරුණු දක්වා ඇති අතර සාකච්ඡාව දැඩි උණුසුම්කාරි වාතාවරණයක් ගත් බව සාච්ඡාවට එක්වූ පක්ෂ නායකයෙක් අනාවරණය කළ බව සමහර මාධ්‍යය වාර්තා කර තිබුණි.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු දේශපාලන පක්ෂ 11නියෝජනය කරණ නායකයන් මෙන්ම නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, දිනේෂ් ගුණවර්ධන යන ඇමැතිවරු සහ පො.ජ.පෙ. ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.
කෙසේ වෙතත් අද (29 වැනිදා) සවස 3.00ට පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ සංවිධානය කර ඇති යුගදනවි ගිවිසුමට එරෙහි මහජන මන්ත්‍රණ සභා සැසිය පවත්වන බව ද පක්ෂ 11 නායකයෝ අවධාරණය කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...