රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කළ පැමිණිල්ලට අනුව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (28) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ සිරිල් ගාමිණී පියතුමා එම ප්‍රකාශය ලබාදීම සඳහා සතියක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තාවේ.
සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටි වෙනත් පියතුමන්ලා තිදෙනකු මාර්ගයෙන් අද දින එම ඉල්ලිම කළ බවද වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ගරු ශාන්ති කුමාර් වැලිවිට පියතුමා,
“අපි පැමිණියේ ගරු සිරිල් ගාමිණි පියතුමා වෙනුවෙන් ලිපියක් භාරදීමට. එතුමා නීතිඥයින්ගේ සහය සහ උපදෙස් ලබා ගැනීම පිණිස ඉල්ලා සිටියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සතියක කාලයක් එතුමාට දෙන්න කියලා මේ සඳහා සුදානම් වෙලා එන්නට. ඒ සඳහා අවසරය ඔවුන් අපට ලබාදුන්නා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...