ව්‍යාපාරික පුවත්

විවිධ සංවිධානාත්මක පාර්ශව විසින් ඔවුන්ගේ ගිණුම්වලට, විශාල පරිමාණයෙන් විදේශ විනිමය සහ/හෝ දේශීය මුදල් බැර කර ඇති බවත් එම ගිණුම් තාවකාලික ව අත්හිටුවා ඇති බවත් දක්වමින් සහ එම මුදල් නිදහස් කර ගැනීම සඳහා සහය දෙන්නන් හට ප්‍රමාණාත්මක ගෙවීමක් සිදු කරන බවට දැනුම් දෙමින් සිදු කරන මුල්‍ය වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු ලැබෙමින් පවතී. ඇතැම් අවස්ථාවල දී එම වංචාකරුවන් විශාල මුදල් ප්‍රමාණයක් විවිධ ගිණුම් වෙත බැර වී ඇති බව දැක්වෙන ව්‍යාජ ලේඛන පෙන්වා සිටින අතර ඔවුන්ට එම මුදල් ආපසු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය ලබා ගැනීම පමණක් අවශ්‍ය වන බව පවසනු ලබයි.

මෙවැනි අවස්ථාවන්හි දී, වංචාකරුවන් අදාළ ගනුදෙනුව සිදු කිරීම සඳහා බැංකු ගනුදෙනුකරුවන්ගෙන් සිය පුද්ගලික හැඳුනුම් අංක (PIN), කාඩ්පත්වල පිටුපස සඳහන් වන කාඩ්පත් සහතික කිරීමට යොදා ගන්නා CVV යන්නෙන් හැඳින්වෙන ගෙවීම් කාඩ්පත් සත්‍යාපන අංක, ගනුදෙනු සහතික කිරීමේ දී යොදා ගන්නා එක්ර වරක් පමණක් භාවිත කළ හැකි මුරපද (OTP) වැනි හර කාඩ්පත්/ණය කාඩ්පත්වලට අදාළ තොරතුරු සහ ජංගම බැංකුකරණයේ දී /අන්තර්ජාල බැංකුකරණයේ දී යොදා ගන්නා පරිශීලක නාමය (User ID), මුරපදය (Password) හා එක් වරක් පමණක් භාවිත වන මුරපද වැනි ගිණුම් තොරතුරු ඉල්ලා සිටිනු ලබයි. එවැනි විස්තර සැපයීමෙන් ගනුදෙනුකරුවන් නිසැකයෙන් ම බරපතල මූල්‍ය වංචාවකට ලක් වනු ඇත.

මෙවැනි ව්‍යාජ දැන්වීම් හා ක්‍රියාවන්වලට හසු නො වන ලෙසත් මෙවැනි වංචා පිළිබඳ සුපරීක්ෂාකාරී වන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට අවධාරණය කර සිටී. තමන්ගේ රහස්‍ය තොරතුරු, විශේෂයෙන් ම ගිණුම් පරිශීලක නාම, මුරපද, පුද්ගලික හැඳුනුම් අංක, එක් වරක් පමණක් භාවිත වන මුරපද, හෝ ගිණුම්වලට පිවිසීමේ දී ගිණුම් හිමියාගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා භාවිත කළ හැකි වෙනත් ඕනෑ ම තොරතුරක් අනෙකුත් කිසිඳු පාර්ශ්වයක් සමඟ හුවාමාරු කර නො ගත යුතු බවට ද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දන්වා සිටී. තව ද, මහජනතාවට සිය ගිණුම් භාවිත කරමින් සිදු වන ඕනෑ ම වංචනික ක්‍රියාවක් පිළිබඳ ව ක්ෂණික ව දැනුම්වත් වීම සඳහා තම බැංකුවලින් කෙටි පණිවිඩ වැනි එසැණින් ගනුදෙනු සම්බන්ධ තොරතුරු දැනුම් දීමේ සේවා සක්‍රීය කර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More