දේශීය පුවත්

මෙරට තුළ සංචරණ සීමා ඉවත්‌ කිරීම ආදී තත්ත්වයන්‌ යටතේ තවත්‌ කොරොනා රැල්ලක්‌ ඉතා ආසන්න කාලයක දී ඇති වීමේ දැඩි අවදානමක්‌ ඇති බැවින් එය වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් නිර්දේශ මාලාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

නව කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වාගැනීම සඳහා වන නිර්දේශ ඇතුළත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් යවන ලද ලිපිය පහත දැක්වේ.

තවත්‌ කොවිඩ්-19 රැල්ලක්‌ වැලැක්වීම සඳහා වන නිර්දේශ පසුගිය සමයේ දී ඉස්මතු වූ කොවිඩ්-19 රැල්ල අවම කිරීම සඳහා ඔබගේ ආණ්ඩුව චිසින්‌ ගන්නා ලද තීරණ අවංක ලෙසින්‌ ම අගය කරන අතරතුර දී එක්සත්‌ රාජධානිය, සිංගප්පූරුව සහ ඊශ්‍රායලය වැනි වෙනත්‌ රටවල අත්දැකීම්‌ ඔස්සේ මෑත කාලීනව උගත්‌ පාඩම්‌ අනුව මෙරට තුළ සංචරණ සීමා ඉවත්‌ කිරීම ඇතුළු තත්ත්වයන්‌ යටතේ තවත්‌ කොරොනා රැල්ලක්‌ ඉතා ආසන්න කාලයක දී ඇති වීමේ දැඩි අවදානමක්‌ ඇති බව අපි මෙහිඳී ප්‍රකාශ කර සිටින්නෙමු.

එබැවින්‌, තවත්‌ කෝච්ඩ්‌ රැල්ලක්‌ ඇති වීම වැළැක්වීම සඳහා සීමා කිරීම්‌ සහ නීති ක්‍රියාත්මක වන සන්දර්භය සලකා බැලීමේ දී මින්‌ පෙර පැවති සෑම අවස්ථාවකට ම වඩා මෙම අවස්ථාවේ දී නිශ්චිත පියවර ගනු ලැබීම ඉතා වැදගත්‌ වන බව ද අවධාරණය කර සිටින්නෙමු.

තවත්‌ කෝවිඩ්‌ ආසාදන රැල්ලක්‌ රට තූළ ඇති වීම රටෙහි සෞඛ්‍ය ක්ෂේත්‍රයට මෙන්‌ ම ආර්ථිකයට ද අතිශයින්ම හානිකර වනු ඇත.

නැවත කෝචිඩ්‌ රැල්ලක්‌ ඇති වීම වැළක්වා ගැනීම සඳහා පහත පියවර නිර්දේශ කරන්නෙමු.

1.ඉතා හොද අධීක්ෂණයක්‌ යටතේ වත්මන්‌ නීති හා සීමා කිරීම්‌ දැඩි ලෙස බලාත්මක කිරිම. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්‌ කොවිඩ්‌ පැතිරිම වැළැක්වීමේ අරමුණින්‌ පිළිගත හැකි හා සාධාරණ මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ රෙගුලාසි නිකුත්‌ කර ඇතත්‌, මෙම ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමේ දී අතිශයින්‌ ලිහිල්‌ බවත්‌, මහජනතාව විසින්‌ ඒවාට අවනත නොවන බවත්‌ පෙනී ගොස්‌ තිබේ. බොහෝ දෙනෙක්‌ මුඛ ආවරණ පැළඳීම නිසි පරිදි සිදු නොකරන බව පෙනී ගොස්‌ ඇනි අතර කඩ සාප්පු, මහජන පොළ, පූජනීය ස්ථාන සහ අවමංගල්‍ය උත්සව වැනි පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය නිසි පරිදි ක්‍රියාත්මක නොවේ.

මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත්‌ පියවර ගන්නා ලෙස අපි රජයෙන්‌ ඉල්ලා සිටිමු. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්‌ චිසින්‌ නිකුත්‌ කරන ලද සෞඛ්‍ය රෙගුලාසි සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවට සමීපව නිරීක්ෂණය කිරීම සහ සහතික කිරීම අත්‍යවශ්‍ය වේ.

2.ප්‍රමුඛතා කණ්ඩායම්‌ සඳහා ෆයිසර් එන්නතෙ හි තූන්වන මාත්‍රා බූස්ටරය. ශ්‍රී ලංකාවේ සයිනොෆාම්‌ එන්නත ලබා ගත්‌ වැඩිහිටියන්ගෙන්‌ 7%ක්‌ කොවිඩ්-19 වෛරසයට එරෙහිව ප්‍රමාණවත්‌ ප්‍රතිශක්තියක්‌ වර්ධනය කර ගෙන නොමැති බව තහවුරු වී ඇත. පාසල්‌ නැවත විවෘත කිරීම සහ සංචරණ සීමාවන්‌ ඉවත්‌ කිරීම නිසා සිය මුණුපුරු මිණිපිරියන්‌ වෙත වැළඳී ඒ ඔස්සේ වෛරසය සම්ප්‍රේෂණය වීම වැනි කරුණු නිසා මෙම වැඩිහිටියන්ට කොවිඩ්-19 ආසාදනය චීමේ අවදානම වත්මන්‌ තත්ත්වය තූළ දී සැලකිය යුතු ලෙස ඉහළ ගොස්‌ ඇත. මෙම වැඩිහිටි පිරිස අනෙකුත්‌ වයස්‌ කාණ්ඩවලට වඩා කොව්ඩ්‌ වෛරසය නිසා දරුණු ලෙසින්‌ රෝගී තත්ත්වයට හා මරණයට ගොදුරු වේ.

තවද, කොච්ෂීල්ඩ්‌ එන්නන ලබා ගත්‌ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට දෙවන එන්නත ලබා දී මාස හයක්‌ ගත වෙමින්‌ ඇති බැවින්‌ මාස 6 ඉක්මවීමෙන්‌ පසු ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ මට්ටම ක්‍රමයෙන්‌ අඬු වීමට පටන්‌ ගනී. මේ නිසා ඔවුන්‌ පහසුවෙන්‌ ම කොවිඩ්-19 ආසාදනය වීමේ අවදානම බෙහෙවචින්‌ ඉහළ යනු ඇත. එබැවින්‌, වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්‌, ප්‍රතිශක්තිකරණ ඌනතා සහිත අවුරුදු 60 ට අඩු රෝගීන්‌ සහ සියලුම සෞඛ්‍ය සේවා වෘත්තිකයන්‌ හට ෆයිසර්‌ එන්නතෙහි තූන්වන මාත්‍රාව / බූස්ටර්‌ මාත්‍රාව ප්‍රමාදයකින්‌ තොරව ලබා දිය යුතුය. නුදුරු අනාගතයේදී තවත්‌ ආසාදන රැල්ලක්‌ ඇතිවීම වැලැක්වීම සඳහා මෙය ඉහළම ප්‍රමුඛතා කාර්යයක්‌ ලෙස සැලකිය යුතුය.

3.අධි ව්‍යාප්ත වීම්‌ තත්වයන්‌ සහ සිදුවීම්‌ සීමා කරමින්‌ කටයුතු කිරිම. පුද්ගලයන්‌ වැඩි වශයෙන්‌ ගැවසෙන සංවෘත පරිසරයන්‌ කොවිඩ්-19 ආසාදනය සඳහා අධි ව්‍යාප්ත වීමේ තත්වයන්‌ නිර්මාණය කරයි. එබැවින්‌ සංවෘත ස්ථානවල පැවැත්වෙන විවාහ උත්සව, ආගමික උත්සව, අවමංගල්‍ය උත්සව, සංගීත සංදර්ශන, සමාජ ශාලාවල රැස්වීම්‌ ආදියේ සංඛ්‍යාව සීමා කරමින්‌ පොදු උත්සවවලට අදාළ රෙගුලාසි සම්පූර්ණයෙන්ම ලිහිල්‌ කිරීම තවත්‌ කාලයක්‌ ප්‍රමාද කරන ලෙස අපි රජයෙන්‌ ඉතා ඕනෑකමින්‌ ඉල්ලා සිටින්නෙමු

4.පරීක්ෂණ සිදු කරමින්‌ කොවිඩ්‌ වැළඳී ඇති පුද්ගලයන්‌ සම්බන්ධයෙන්‌ නිරන්තර අවධානයක්‌ පවත්වා ගැනීම. මීළඟ ආසාදන රැල්ල වැලැක්වීමට නම්‌, ආසාදනවල වැඩිවීමක්‌ කලින්‌ හඳුනා ගැනීම අතිශයින්‌ වැදගත්‌ වනු ඇත. සුපරීක්ෂාකාරිව කොව්ඩ්‌ ආසාදනය වී ඇති මට්ටම නිරීක්ෂණය කිරීම රජයට ඉක්මන්‌ ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව උදා කරනු ඇත. එබැවින්‌ කොවිඩ්-19 සම්බන්ධ නිරන්තරයෙන්‌ සිදු කරනු ලබන පරීක්ෂා කිරීම්‌ ක්‍රියාවලිය ශක්තිමත්‌ කිරීම ඉතා වැදගත්‌ වේ. එබැවින්‌ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රජාව තූළ කොවිඩ්-19 සඳහා පරීක්ෂණ පවත්වා ගෙන යෑම ශක්තිමත්‌ ආකාරයෙන්‌ සිදු කරනු ඇතැයි අප විශ්වාස කරන අතර සියලුම ප්‍රධාන රෝහල්වල බාහිර රොගී අංශයන්හි ‘උග්‍ර ශ්වසන කලාප ආසාදන’ (SARI) නිරීක්ෂණ පද්ධති ශක්තිමත්‌ කිරීම අත්‍යවශ්‍ය වනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More