මිනුවන්ගොඩ හොරම්පැල්ල නවලෝක ප්‍රදේශයේ මල ගෙදරකින් කොරෝනා ආසාදිතයින් 35 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
සෞඛ්‍ය නිලධාරීන් කියන්නේ මෙම ආසාදිතයින් අතර කුඩා දරුවන්ද සිටින බවය.
ඉකුත් 10 වන දා මෙම අවමංගල්‍යය සිදුවී ඇති බවත් එය සිදුවී සතියකට පමණ පසුව අවමංගල්‍යයට පැමිණි පවුලේ සාමාජිකයන් තිදෙනෙකුට හා අවමංගල්‍යය පැවති නිවසට ආ ගිය පිරිස අතරින් මෙම කොරෝනා ආසාදිතයින් හඳුනාගත් බවත් සෞඛ්‍ය නිලධාරීහු ලංකාසරට කීහ.
ඔවුන් වැඩිදුරටත් පැවසූයේ මෙම අවමංගල්‍ය අවස්ථාවට සහභාගි වූ පවුලේ සාමාජිකයන් කීප දෙනෙකු ම එම අවස්ථාවට සහභාගී වන විටත් සෙම්ප්‍රතිශ්‍යාව උගුරේ අමාරුව උණ වැනි රෝග ලක්ෂණවලින් පෙළෙමින් සිට ඇතිබව අනාවරණය වූ බව ය.
එසේම මෙම මියගිය පුද්ගලයා රෝහල් සේවකයෙකු වන බැවින් විවිධ ප්‍රදේශ වලින් විශාල පිරිසක් මෙම අවමංගල්‍ය නිවසට පැමිණ ගොස් ඇති බව ද සෞඛ්‍ය නිලධාරීහු කීහ.
මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිතයන් පිරිස මෙම අවමංගල්‍ය නිවසට ආ ගිය අයවලුන් වීම නිසාත් විශාල පිරිසක් එම නිවසට පැමිණ ඇති නිසාත් එසේ පැමිණි සියලුම දෙනාටම ඉකුත් සෙනසුරාදා (24) දින ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සඳහා පැමිණෙන ලෙසට සෞඛ්‍ය නිලධාරීන් විසින් දැනුවත් කිරීම් සිදුකළ ද එම පරීක්ෂණ සඳහා ඉදිරිපත් වී ඇත්තේ පුද්ගලයින් හතර දෙනෙකු පමණක් බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...