ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායක පුරප්පාඩු සඳහා නව සංවිධායකවරුන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ කටයුතු සඳහා ඊයේ (27) උදෑසන ශ්‍රීලනිප මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා ස්ටියේ ශ්‍රී ලංකාවේ නිරෝධායන ආයතනය සිදුකළ පරීක්ෂණයෙන් අසමත්වූ පොහොර තොගයක් මෙරටට බලහත්කාරයෙන් ලබාදීමට උත්සාහ කිරීම ඉන්දියාව විසින් මෙරටට පරිප්පු හෙළීම හා සමාන බවයි.
එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් , ” චීනෙට කිසිදු අයිතියක් නැහැ. මේ රටේ නිරෝධායන නීති අනුව ප්‍රතික්ෂේප වෙලා තියෙන පොහොර තොගය ලංකාවට බලහත්කාරයෙන් බාන්න. එය සම්පූර්ණ වැරදියි. ඒ වගේම තුන්වන පාර්ශ්වයක් කරා ප්‍රමිතිය පරීක්ෂාවට යන එකත් සම්පූර්ණ වැරදියි. එහෙම චීනෙට හෝ වෙනත් රටකට හෝ ලංකාවට බලහත්කාරයෙන් ගෙනල්ලා පොහොර ගොඩ බාන්න බැහැ. ඒක හරියට ඉන්දියාව පරිප්පු දැම්මා වගේ වැඩක් මේ,”
හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් දක්වමින්,
“චීනයට තියා බලුකිස්තානයටවත් පුළුවන් කමක් නෑ අපේ රටට වැලි ඇටයක්වත් දාන්න. බලහත්කාරයෙන් දානවා නම් ඒක වැරදියි. අපේ දේශීය විද්වතුන් විශේෂඥයින් තත්ත්ව පරීක්ෂණ කරලා නිර්දේශයක් දුන්නාම ඒක තමයි අපි භාරගන්න ඕනේ. ඒ නිසා මේවට තුන්වන පාර්ශ්ව අවශ්‍ය නෑ. තුන්වන පාර්ශ්ව අවශ්‍ය වෙනවා රටවල්වල යුද්ධ ඇති වුණාම. ”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...