දේශීය පුවත්

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ(27) මාධ්‍යය අමතමින් ඉදිරි මාස දෙක ඇතුළත ජාත්‍යන්තර ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමඟ සෘජු ගුවන් ගමන් ඇරඹීමට නියමිත බව පැවසීය.

ඒ අනුව, නොවැම්බර් පළවෙනිදා සිට ස්විස්ටර්ලන්තයේ ඒඩ්ල්වයිස් ගුවන් සේවය සතියකට ගුවන් ගමන් වාරයක් හා රුසියාවේ එයාරෝ ෆ්ලොට් ගුවන් සේවය සතියකට ගුවන්ගමන් වාර දෙකක් බැගින් ද ආරම්භ කිරීමට නියමිතය. නොවැම්බර් මස තුන්‍වැනිදා සිට ප්‍රංශයේ එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම සතියකට ගුවන් ගමන් වාර තුන බැගින්ද මෙරටට පැමිණිමට නියමිතව ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

තවද දෙසැම්බර් පළමු සතියේ සිට රුසියාවේ එයාර් අසුර් ගුවන් සේවය ගුවන් වාර දෙක බැගිනුත්, ඉතාලියේ නියෝස් එයාර් ගුවන් සේවය සතියකට ගුවන් ගමන් වාර දෙක බැගිනුත් මෙරරටට පැමිණෙන බවද අමාත්‍යයවරයා අනාවරණය කළේය.

සංචාරක ව්‍යාපාරය නැංවීම සදහා සංචාරක අමාත්‍යංශය අන්තර් ජාතික මට්ටමින් සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස නව ගුවන් සමාගම් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ඇරඹීම සිදුවන බව සංචාරක අමාත්‍යාවරයා පවසා සිටියේය.

දැඩි සෞඛ්‍ය හා ආරක්ෂක ක්‍රමවේදයන්ට යටත්ව මෙවැනි අන්තර් ජාතික ගුවන් ප්‍රවාහන කටයුතු පවත්වා ගෙන යමින් ගුවන් සේවාව මගින් ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දිම සිය අරමුණ වි ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More