මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරිමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති, නිමල් ජී පුංචිහේවා මහතා පවසන්නේ මැතිවරණ ආචාරධර්ම උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව මෙරට මෙතෙක් නීතියෙන් දඩුවම් ලබාදිය නොහැකි බවය.
“කොමිෂන් සභාව මැතිවරණ අවස්ථාවක ඉදිරිපත් කරනවා ආචාරධර්ම. එතකොට මේ ආචාරධර්ම ඉදිරිපත් කරලා අපි ගැසට් කරනවා. නමුත් මේ ආචාරධර්ම කඩකරා කියලා ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් දැනට නෑ.
ව්‍යංගාර්ථයෙන් සමහර දේවල් කරන එක විතරයි. ඒ නිසා අපි යෝජනා කළා මේ ආචාරධර්ම නීතිගත කරන්න. ඒක කඩ කිරීම මැතිවරණ වරදක් ලෙස සලකන්න.
එතකොට මැතිවරණ වරදක් ලෙස සැලකුවොත් තමන්ගේ ආසන නියෝජිතත්ත්වය මන්ත්‍රීධූරය අහිමිවෙනවා. දැන් සමහරවිට අවුරුදු ගාණකට අහිමි කරන්න පුළුවන්. ඒ ගැන විකල්ප ගැනත් හිතන්න.
තේරීම් කාරක සභාවට කොමිෂන් සභාව හැටියට අපේ අදහස් අපි ඉදිරිපත් කළා. අපි දන්නවා සමහර නියෝජිතයෝ හැසිරෙන විදිය. පහුගිය කොමිෂන් සභාවේ ඔබ දකින්න ඇති අපිට ප්‍රකාශයක් කරන්න සිද්ධවුණා පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ගේ හැසිරීම් පිළිබඳව මහජන නියෝජිතයෝ හැටියට වාද විවාද කිරීම වෙන දෙයක්.
අතින් පයින් ගුටිබැට හුවමාරු කරගෙන පොලිසි ගානේ ගිහින්, රෝහල් ගානේ ගිහින්, මහ පාරේ පහර දීගෙන ඉන්නකොට මිනිස්සුන්ට පේන්නේ මහජන නියෝජිතයින් ගැන කලකිරීමක්.”
යනුවෙන් නිමල් පුංචිහේවා මහතා තව දුරටත් අදහස් දැක්වීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...