දේශීය පුවත්

එක් රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායක් පත්කර මින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අංක 2251/30 දරන ගැසට් පත්‍රය මගින් පිහිටුවා තිබෙන එම ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපතිවරයා ලෙස බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කර ඇති අතර එහි ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක පත්කර සිටී.

සෙසු සාමාජිකයින් ලෙස මවුලවි මොහෙමෙඩ්, මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, මහචාර්ය සුමේධ සිරිවර්ධන, කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්, එන්.ජී සුජිත් පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, කලීල් රහුමාන්, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානී වෑවල සහ අසීස් නිසාර්දීන් යන පිරිසද පත්කර ඇත.

ශ්‍රී ලංකාව තුළ එක රටක් සහ එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීම එම කාර්යය සාධක බළකායට පැවරි තිබේ.

ඊට අමතරව අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වනවිට මෙයට අදාළව සකස් කර ඇති නීති කෙටුම්පත් සහ සංශෝධනයන් අධ්‍යයනය කර ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධන ඇත්නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හා යෝග්‍ය පරිදි අදාළ කෙටුම්පතට ඇතුළත් කිරීම එම කාර්යය සාධක බළකායට පැවරී ඇති තවත් කාර්යයක් බව සඳහන් වේ.

කමිටුව විසින් මසකට වරක් ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර මෙහි අවසන් වාර්තාව ලබන වසරේ පෙබරවාරි 28 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.

ජනාධිපතිවරයා විසින් ‘එක් රටක් සහ එක නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායට පත්කර ඇති සාමාජිකයින් අති බහුතරය ඥානසාර හිමියන්ගේ බොදුබල සේනා සංවිධානයේ හිතවතුන් වීම විශේෂ කාරණයකි.

බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක එරන්ද නවරත්න ද මෙම කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත්කර ඇත. බොදුබල සේනා සංවිධානයේ සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධානියා වන්නේද මොහුය.

එසේම මෙතෙක් කලක් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට උදව් උපකාර කළ මුස්ලිම් ජාතිකයින් කිහිප දෙනෙකුද මෙම කමිටුවට ඇතුලත් කර ගෙන තිබේ.

බොදු බල සේනා සංවිධානය 2015 මහා මැතිවරණයට ඉදිරිපත් වුයේ, ‘එක රටක් -එක නීතියක් – එක ජාතියක්’ යන තේමාව යටතේය.

විමල්ලට ආදේශකයක් !

මෙවැනි ජනාධිපති කොමිසමක් කඩිමුඩියේ පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් පවසන්නේ, විමල් වීරවංශ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් රාජපක්ෂවරුන්ගේ සිංහල – බෞද්ධ මතවාදය ඉදිරියට ගෙනයාමට ජනාධිපතිවරයාගේ ඇති උවමනාව බොදු බල සේනාව යළි ලංකර ගැනීමෙන් පැහැදිලි වන බවයි.

එසේම, ඉදිරියේදී පුජ්‍ය අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවෙන් නෙරපා හැර ඒ වෙනුවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාර්ලිමේන්තුවට කැඳවීමේ මෙහෙයුමකද මේවනවිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

කෙසේවුවද, ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ, මෙය පැහැදිලිවම පොහොර ආනයනයෙදී සිදුව ඇතැයි කියන බරපතල වංචාවන් සම්බන්ධ ජනතා විරෝධය වෙනතකට යොමුකිරීමේ අරමුණින් සිදුකල මෙහෙයුමක් විය හැකි බවයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More