දේශීය පුවත්

කොවිඩ් නිසා පාසල් වසා දැමීම හේතුවෙන් අතපසු වූ පාඩම් කියා දීමට පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමකට හෝ සෙනසුරාදා දිනයේ පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සදහන් කරනුයේ ඒ් සම්බන්ධයෙන් මූලික සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති බවයි.

ඉකුත් වසරේදී දරුවන්ට සියයට 40ක්ද මෙම වසරේ සියයට 60ක්ද පාඩම් අතපසුවී ඇති බැවින් අත්‍යවශ්‍යම විෂය කරුණු ආවරණය කිරීමට යම් වැඩපිළිවෙලක අවශ්‍යතාව ඇති බැවින් ඒ් සම්බන්ධයෙන් විවිධ යෝජනා ඉදිරිපත් වන බව ලේකම්වරයා සදහන් කරයි.

ඉදිරියේදී පහ ශ්‍රේණියෙන් ඉහළ පන්ති ආරම්භයත් සමග පසුගිය කාලය තුළ අතපසු වූ විෂය කරුණු දින 100 ක් ඇතුළත ආවරණය කිරීමට මේ වන විට සැළසුම් කරමින් ඇතැයිද ලේකම්වරයා කියයි.

ඒ අනුව ලබන වසරේ මාර්තු මස වන විට අතපසු වූ පාඩම් සියල්ල ආවරණය කිරිමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More