දේශීය පුවත්

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රුසියාවේ සංචාරයක නිරත වී තිබෙනවා.

ඒ, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරල් ඔලෙග් සැලියුකෝච් පසුගිය වසරේ මෙරට සිදුකළ සංචාරයේදී කළ ආරාධනයකට අනුවයි.

ඊයේ රුසියාව බලා ගිය යුද හමුදාපතිවරයා පිළිගනු ලැබුවේ, රුසියානු හමුදාවේ ඉහළම ගෞරවය ලබාදෙමින්.

එහිදී යුද හමුදාපතිවරයා වෙනුවෙන් සම්මාන ආචාර පෙළපාලියක් ද පවත්වා තිබෙනවා.

මොස්කව් ක්‍රෙම්ලිනයේ ඇලෙක්සැන්ඩොව්ස්කි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත ගිය යුද හමුදාපතිවරයා, දිවි පිදූ රුසියානු හමුදාවේ රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර ද පුද කළ බවයි.

යුද හමුදාව සදහන් කළේ. දෙරට අතර ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් සිදු කරන ලද පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, යුද අභ්‍යාස පැවැත්වීම සහ යාන්ත්‍රික හා ඉංජිනේරු දැනුම හුවමාරු කර ගැනීමේ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීම යුද හමුදාපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More