දේශීය පුවත්

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරන්නේ සී/ස ලංකා පොහොර සමාගම විසින් චින්දාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වාණිජ අධිකරණයෙන් අද (26) දින තවත් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බවයි.

එම වාරණ නියෝගයට අනුව චින්දාඕ සීවින් බයෝටෙක් ගෘප් කම්පැනිය වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් යටතේ මහජන බැංකුව විසින් කිසිදු ගෙවීමක් කළ නොහැකි වනු ඇත.

වාණිජ මහාධිකරණය අංක 02 හි විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ ඉල්ලීමක් මත එම වාරණ නියෝගය නිකුත් කර ඇතැයි එම නිවේදනය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය වැඩිදුරටත් පවසන්නේ පසුගිය සිකුරාදා කොළඹ වාණිජ මහාධිකරණය අංක 03 හි විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් ද චීන සමාගමට සහ දේශීය නියෝජිතයාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කළ බවයි.

ගිවිසුම යටතේ, චීන සමාගම විසින් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට නැව්ගත කිරීමට අවශ්‍ය වුව ද එම තොගයේ ක්ෂුද්‍ර ජීවීන් අඩංගු විය හැකි බවට තිබූ නාවුක උපදෙස්වලදී සමාගම පිළිගෙන ඇති බව ද අධිකරණයේ දී දන්වා සිටි බව නිවේදනය මගින් පවසා සිටී.

ජාතික ශාක නිරෝධායන සේවය විසින් ඔවුන් වෙත යවන ලද නියැදිය පරීක්‍ෂා කර ඇති අතර ඇතැම් හානිකර බැක්ටීරියා ඇතුළු ජීවීන් එහි සිටින බවට තහවුරු කර ඇති බවත් එම පොහොර තොගය, කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ටෙන්ඩර් ක්‍රියාවලියකින් ලබා ගත් නැව්ගත කිරීමක කොටසක් බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය මගින් වැඩිදුරටත් පවසා සිටී.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More