දේශීය පුවත්

නව ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය පිළිබඳ අනතුරු ඇඟවීම් තිබියදී සෞඛ්‍යය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් වසංගත පාලනයට අදාල මාර්ගෝපදේශ ලිහිල් කිරීම පිළිබඳව ලංකා ලීඩ් පාඨකයෝ අපවෙත විශ්මය පලකරති.සෞඛ්‍යය සේවා අධ්‍යයක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නව සෞඛ්‍යය මාර්ගෝපදේශ වලට අනුව විවාහ උත්සවයකට සහභාගිවන පිරිස ශාලාවක් තුලදී 50 සිට 100 දක්වා ඉහළ දමා ඇති අතර එළිමහනේදී එය 150 දක්වා ලිහිල් කර ඇත. ඒ අතර අවන්හල් තුළ රැඳී සිටිය හැකි පිරිස 75 දක්වා සහ අවන්හල් ආශ්‍රිතව එළිමහන් ප්‍රිය සම්භාෂණ සඳහා සහභාගි විය හැකි පිරිස 100 දක්වා ඉහළ දමා ඇත. මෙම නව මාර්ගෝපදේශ සම්බන්ධයෙන් මහජනයාගෙන් කිසිදු ඉල්ලීමක් නොතිබූ අතර රජයට හිතවත් හෝටල් හිමියන් කිහිප දෙනෙකුගේ උවමනාව මත මෙම ලිහිල් කිරීම සිදු කර ඇති බවටද මහජනයා චෝදනා කරති. ඒ අතර කුලියාපිටියේදී කරණු ලැබූ අහඹු ඇන්ටිජන් පරීක්ෂණ 73කින් 43ක් කොරෝනා ආසාදිතයන් බවට පෙන්වා ඇති බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More