දේශීය පුවත්

අද කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ රඳවා සිටින චීන සමාගමක කාබනික පොහොර තොගය සහිත නෞකාවේ පොහොර සාම්පල නැවතත් දෙපාර්ශ්වයටම පිළිගත හැකි ආයතනයකට යොමු කර පරික්ෂා කිරීමට එකඟ වූ බව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසා සිටියේය.

එහිදී කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා , මෙරට පරීක්ෂණාගාර වල සිදුකර ඇති පරීක්ෂණ වාර්තා පිළිගත නොහැකි බව චීන සමාගම දන්වා ඇති බවත් අදාල පොහොර නිෂ්පාදන සමාගම ලොව පිළිගත් ප්‍රධාන රටවල් 16කට පොහොර නිෂ්පාදනය කරන ආයතනයක් බවත් එනිසා එහි ප්‍රමිතිය පිළිබඳව අවබෝධයක් ගන්නැයි චීනය ඉල්ලා සිටි බවත් අමාත්‍යයවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අතර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ චීන තානාපතිවරයා සහ චීන පොහොර සමාගමේ නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් මෙම පොහොර තොග තුන්වෙනි පාර්ශ්වයකින් යළි පරික්ෂා කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ-කොමසාරිස් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉස්ලාම් ආගමික පෙළපොත්වල අන්තර්ගත අන්තවාදී ඉගැන්වීම් පිලිබඳව කමිටුවක් පත් කර වාර්තාවක් ලබා දුන් නමුත් එම නිවැරදි කිරිම් සිදු කර නැති බව අධ...


Read More

ආණ්ඩුව රණවිරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලන්නේ නැතිනම් ඩයස්පෝරාවට කප්පම් දෙන්න වෙනවා- ජාතික සංවිධාන

යුද අපරාධ චෝදනා වලින් රණවිරුවන්ව නිදහස් කර ගැනීමට ආණ්ඩුව පියවර ගන්නේ නැතිනම් ඉන් අදහස් වන්නේ ආණ්ඩුවේ යම් පිරිසක් දෙමළ ඩයස්පෝරාවට කප්පම් ද...


Read More

2021 පහේ ශිෂ්‍යයත්වයේ අක්‍රමිකතා රැසක් මුස්ලිම් සිසුන්ට අසාධාරණ ලෙස උදව් කරලා

පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය කොවිඩ් වසංගතය හමුවේ අවස්ථා කිහිපයකදී කල්දැම...


Read More