ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන අය විසින් කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට හතළිහක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කර තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළ බව වාර්තාවේ.
එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, මහජන උපයෝගීතා කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, ලංකා විදුලිබල මණ්ඩලය, අදාළ කොටස් පවරනු ලැබූ අමෙරිකානු එන්.එෆ්.ඊ පවර් හෝල්ඩිං සමාගම, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඇතුළු 43 දෙනෙකු නම් කර ඇති බවද වාර්තාවේ.
පෙත්සම්කරුවන් පෙත්සම මගින් පවසා සිටින්නේ අදාළ බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගම වෙත පැවරීමේ දී රජය විසින් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වෙත පවා නිසි කරුණු පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...