කුලියාපිටියේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් පුද්ගලයින් 73ක් වෙනුවෙන් සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණයෙන් 43 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසනවා.
ඒ අනුව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ආශ්‍රිතව පසුගිය සති දෙක තුළ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 79ක් බව කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උත්පල ගුණසේකර මහතා සඳහන් කරනවා.
එලෙස හඳුනාගත් ආසාදිතයින්ගෙන් බහුතරයක් කුලියාපිටිය එලතලව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
එම ප්‍රදේශය ආශ්‍රිතව පැවති විවාහ මංගල උත්සවයකින් අනතුරුව මෙලෙස ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනාගත් බවයි වෛද්‍ය උත්පල ගුණසේකර මහතා පවසා සිටියේය.
ඊයේ (25) දිනයේ දී ද නව කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙක් වාර්තා වූ බව පැවසු වෛද්‍යවරයා, ඉකුත් දින කිහිපයේදීම ඇඹව හා එලතලව ආදී ප්‍රදේශයන්හි සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂාවන් අතුරින් හඳුනාගත් ආසාදිතයින්ගෙන් 72%ක් පමණ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අය බව ද සඳහන් කළා.
ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන්නේ නම් ඉදිරියේ දී භයානක ප්‍රතිඵලවලට මුහුණදීමට සිදුවිය හැකි බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩි දුරටත් පවසා සිටියේ.
මේ අතර ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 412ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...