ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.
රාජ්‍ය ඇමැතිවරයා සමග ඇතිවූ කිසියම් මත ගැටුමක් හේතුවෙන් ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් වට්ස් අප් සමාජ ජාලයේ සටහනක් තබන මුදිත විදානපතිරණ සඳහන් කරන්නේ තමා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි.
තමාගේ රාජකාරි කටයුතු වල දී එදා මෙදා තුර සහාය දැක්වූ සියලු දෙනාට ස්තූතිවන්ත වන බව ද ඔහු එම සටහන මඟින් වැඩිදුරටත් දැනුම්දී ඇත.
මේ සම්බන්ධයෙන් අප ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වාගෙන් කළ විමසුමක දී ඔහු සඳහන් කළේ තමාට ඒ ගැන තවමත් දැනුම් දී නැති බවයි.
තමාගේ වේගයට ගමන් කළ හැකි පුද්ගලයන් ආයතන වල සිටිය යුතු බව ද තමාට අවශ්‍ය වන්නේ වැඩ මිස කතාව නොවන බව ද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් අප මහාචාර්ය මුදිත විදානපතිරණගෙන් කරුණු විමසීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...