ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ සියලු බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති සමග සාකච්ඡා කර මෙම සතිය තුළ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (26) දිනයේ තීරණය කරන බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ “අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ” ලෙස දරුවන්ගේ ඉගැන්විම් කටයුතු සිදුකරමින් සිය වෘත්තීය අරගලය අඛණ්ඩව සිදුකරන බවයි.
“අපි අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරනවා. ඒ වගේම බහුජන සංවිධාන වෘත්තිය සමිති සියල්ලන් එක්ක සාකච්ඡා ආරම්භ කරනවා. අයවැයට පෙර මේ ගැටලුව විසඳගන්න අපි අපේ ගමන පෙරට යනවා. ඉදිරි සැලසුම් ගැන සාකච්ඡා කරලා අද දිනයේ දී ප්‍රකාශ කරනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...