ඉන්දියාවේ අදානි සමුහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා ඊයේ(25) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තාවේ.අදානි සමුහ ව්‍යාපාරය යනු කොළඹ වරායේ යෝජිත බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ගිවිසුම්ගත වූ ආයාතනයයි.
ගෞතම් අදානි මහතා සමඟ තවත පුද්ගලයන් 10 දෙනෙකු විශේෂ ගුවන් යානා 2කින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඊයේ දිවයිනට ගොඩ බැස ඇති බවද වාර්තා වේ.
එම පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකිනින් මන්නාරම ප්‍රදේයේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා ඊයෙ (25) පස්වරුවේම නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති බවද වාර්තාවේ.
තහවුරු නොකළ වාර්තා පවසා සිටියේ ගෞතම් අදානි මහතා ඊයේ දිනයේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ද සැලසුම් කර තිබූ බවයි. මේ අතර “ද හින්දු” පුවත්පත වාර්තා කර තිබුණේ ගෞතම් අදානි මහතා මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සිදුකිරීමට කැමැත්තෙන් සිටින බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...