පුරවැසි කොලම

ගෝඨාභයට Vs ගෝඨාභය

October 25, 2021 7:24 pm | Lanka Lead News

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අපේ රටේ රාජ්‍ය නායකයා විදිහට පත් උනේ සියල්ලටම ඇති එකම උත්තරය ගෝඨාභය බව කියමින්. ඒ කාලේ කවුරුත් ගෝඨාභය දැක්කේ සියල්ල ලබාදෙන්න පුලුවන් විශ්ව කර්ම මිනිහෙක් විදිහට.ඇත්තටම ඔය කියන දියසෙන් කුමාරයා විදිහට.අපේ රටේ මිනිස්සු කොන්දේසි විරහිතව ඒ මවාගත්ත දියසෙන් කුමාරයා වෙනුවෙන් පෙනී හිටියා.අද ඒ පෙනී හිටපු අයගෙන් සැලකියයුතු පිරිසක් 180°ක් අනිත් පැත්ත හැරිලා ගෝඨාභයට ගහන්න පටන් අරන්.තවත් පිරිසක් කලකිරීමෙන් නිහඩ වෙලා.

ගෝඨාභය වෙනුවෙන් තාප්ප පිරෙන්න චිත්‍ර ඇදපු තරුණ තරුණියන්ට දැන් මොනවා හිතිලා ඇද්ද?යමක් කමක් කරගන්න පුළුවන් අය නං පාස්පෝට් පෝලිම්වල ඉන්නවා පේනවා.ඇත්තටම ජනාධිපති ගෝඨාභයට කරන දෙයක් කරන්න ඉතුරුවෙලා තියෙන්නේ හරියටම තව අවුරුදු තුනයි.ඒ අවුරුදු තුනත් මෙහෙම නං ගෙවිලා යන්නේ ශ්‍රී ලංකාවේ අසාර්ථකම ජනාධිපතිවරයා විදිහට ගෝඨාභය ඉතිහාස ගතවෙන එක නවත්තන්න උඩ ඉන්න දෙයියන්ටවත් බෑ. එතුමාට ඉතිහාසයේ වේදිකාවෙන් බැහැලා යන්න වෙන්නේ ඒ නරක නාමයත් එක්ක. ඇත්තටම ජනාධිපතිවරයා දැන හෝ නොදැන මේ රටට මේ දක්වා හදුන්වා දුන්න හැම Concept එකක්ම ආසාර්ථකයි.එතුමාගේ පරිපාලනය ආසාර්ථකයි.කෘෂිකර්ම ප්‍රතිපත්තිය අසාර්ථකයි,විදේශ ප්‍රතිපත්ති බරපතල විදිහට අසාර්ථකයි.දේශපාලන පෞරුෂ Nill.මේ ආර්ථික අර්බුදයට සෘජුව එතුමා වගකියන්න ඕනි කියලා රටේ රාළ කියන්නේ නෑ.ඒත් මේ ආර්ථිකය පාලනයේ තිබුණු පුංචි හරි රාජ්‍යමය මැදිහත්වීම ගෝඨාභයගෙන් ගිලිහිලා ගිහිල්ලා ගොඩක් කළ්.අනික තමයි මහින්ද රාජපක්ෂ පාලනයෙන් පස්සේ ලංකාවේ දූෂිතම ආණ්ඩුව බවට ගෝඨාභය ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පත්වෙලා ඉවරයි.

ඇත්තටම මේ කාලේ සිද්ධ උන හැම ගනුදෙනුවක්ම දූෂිත එකක් බවට චෝදනා එල්ල වෙනවා.මේ ආණ්ඩුව ඇතුළේ හොරකම රජවෙලා කියන මතය දැන් ජන මනසේ ලියවිලා ඉවරයි.ඊළඟට මහින්ද අරගෙන ගිය උග්‍ර ඥාති සංග්‍රහය,පවුල්වාදය ගෝඨාභය අතින් වෙන එකක් නෑ කියලා ජනතාව බලාපොරොත්තු වුණා.රටේ රාළ කියන්නේ නෑ ඒක පෞද්ගලිකව ගෝඨාභය මැදිහත් වෙලා කරනවා කියලා.ඇත්තටම එතනදී ගෝඨාභය ජනාධිපතිවරයා වගේම එතුමාගේ බිරිද,දරුවා දෙන ආදර්ශය රටේ රාළ අගය කරනවා. මහින්දට සාපේක්ෂව බැලුවොත් ගෝඨාභය අතින් ඒ වැරැද්ද වෙන්නෙම නැති තරම්.හැබැයි තවමත් මේ ආණ්ඩුවේ හැම දේම සිද්ධ වෙන්නේ රාජපක්ෂ පවුල වටේට විතරයි. එයාලගේ රුචි අරුචිකම අනුව විතරයි.වැඩිය ඕනි නෑ ඉන්දියාවේ කෘශිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කරන එකට අපේ රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ටික වැඩමවන්න පවුලෙන් පිට මන්ත්‍රී කෙනෙක් හොයා ගන්න බෑනේ.ඕනි එකකට ඉන්නේ නාමල් විතරයි. ඇත්තම මෙහෙම ඥාති සංග්‍රහයේ යෙදෙන්න ලැජ්ජා නැද්ද?අනික ඒක ජාත්‍යන්තරව නෝන්ඩි වෙන විදිහ දැක්කම රාජපක්ෂලා තවමත් ඉන්නේ වැඩවසම් යුගයේ කියලා මුළු ලෝකයම දන්නවා.

අනික තමයි ජනාධිපතිවරයාට මේ අවුල නොතේරෙනවා වෙන්න බෑ.හැබැයි එතුමාට ඒ ප්‍රශ්නය බේරගන්න තේරෙනේ නෑ.ඒක බරපතල දුර්වල කමක්.ඒක මූණටම කියන්න ඕනි.ජනාධිපතිවරයා මේ ළගදී අනුරාධපුර සාලියපුර හමුදා කදවුරේදී කරපු කතාවෙන් ගොඩක් අහිංසක බයියෝ හිතුවා එතුමා අලුතෙන් Turn එකක් ගන්න තමයි හදන්නේ කියලා.එතනදී එතුමා කිව්ව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේම නව ඡන්ද ක්‍රමය පැත්තකින් තියන්නකෝ.ඒවා ලබන අවුරුද්දේනේ කරනවා කිව්වේ.හැබැයි අර රුවන් වැලි සෑය ලගදී හම්බ උනා කියන තරුණ හාමුදුරුවෝ කිව්ව කතාවෙන් පස්සේ එතුමාගේ හිත වෙනස් උනා කියලනේ කිව්වේ.මේ අවුරුද්ද ඇතුලත එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරනවා කියලා කිව්වා. දූෂණය පිටු දකිනවා කිව්වා.හැබැයි දැන් මොකද්ද වෙලා තියෙන්නේ.දැන් කැබිනට් එකේ ගන්න තීන්දු එලියට එනකොට ගත්ත එක නෙවෙයි එළියට එන්නේ වෙන එකක්.රටේ ඇත්තටම නීතියක් නෑ.ඕනි නං තව පොඩ්ඩකින් මේක කිව්ව රටේ රාළව ඇවිත් අරන් යයි.ඒ ගානට රට පත්වෙලා.ඇත්තටම කෑලෑ නීතියත් මිට වඩා හොදයි.

ඉන්දියාවේ කාබනික දියර පෝර ගේන්න අවසරය හිමි වෙන්නේ Colombo Commercial එකට.හැබැයි ඇත්තටම ඒකට අන්තිමට මැදිහත් වෙන්නේ පුද්ගලික ව්‍යාපාරිකයෝ දෙන්නෙක්.කැබිනට් තීරණය ගන්නත් ඉස්සෙල්ලා ඒවට අදාළ ගිණුම් පටන් අරගෙන ඒවට මුදල් බැර වෙලත් ඉවරයි.ඒක නිසා මේවට දේශපාලනය සම්බන්ධ නෑ කියලා ජනාධිපති හිතනවා නං ඇත්තටම එතුමා දේශපාලනට ගැලපෙන්නේ නෑ.මේක දේශපාලනඥයා හා ඉහළ නිළධාරින් එකතු වෙලා ගහන ගේමක්.ඒ අය කවුද කියලා හෙළිදරව් කරන්න බැරි අපහසුතාවයක ජනාධිපති ඉන්නවද දන්නේ නෑ.ඔය මොන අපහසුතාවය තිබුණත් මේ එතුමා කැත කරගන්නේ එතුමගේ නම.අවංක මිනිස්සු තමන්ගේ නම රැක ගන්න කරන දේවල් දැක්කම රටේ රාළට නං ජනාධිපතිතුමාගේ අවංකකම ගැන ලොකු ප්‍රශ්නයක් තියනවා. අනික තමයි දැන් අපේ රටේ මුදල් රෙගුලාසි සත පහකට වැඩක් නෑ.ප්‍රසම්පාදන ක්‍රියාවලිය බල්ලටම ගිහිල්ලා.හොර ටෙන්ඩර් කියන ඒවා දැන් සාමාන්‍ය දෙයක්.ඇත්තටම හොරකමට රාජ්‍ය අනුග්‍රහය හම්බ වෙන කාල පරිච්ඡේදයයක් මේක.

මේ නිති වීරෝධී හා දූෂිත ගනුදෙනුවලට ජනාධිපතිවරයා සමිබන්ධ නැති වෙන්න පුළුවන්.හැබැයි එහෙම දූෂණයක් සිද්ධ වෙනවා.එතකොට ඒ දුෂණ චෝදනාව ජනාධිපතිටත් එල්ල වෙන එකත් නතර කරන්න බෑ.හරියට බූරු ගැහුවේ නැතිව බූරු ගහන තැන හිටියා වගේ තමයි.නැත්තං වෙන්නේ අර රනිල්ට වෙච්චි දේම තමයි.රනිල් පෞද්ගලිකව හොරෙක් කියලා රටේ රාළ හිතන්නේ නෑ.හැබැයි මහ බැංකු මංකොල්ලයේ රනිල්ට කොටසක් තියනවා.ඒ අර්ජුන මහේන්ද්‍ර යාලුවා විසින් ඉතුරු කරලා ගිය කොටස.ලැබැදියාවන් අතර ගැටුම විසින් ඉතුරු කරලා ගිය කොටස.ජනාධිපති ගෝඨාභයටත් ඒ කොටස ඉතිරි වෙන එක මේ යන විදිහට නවත්තන බෑ.රටේ රාළ මේ හොරෙන් කියන කතාවක් නෙවෙයි.මේ ලිපිය ජනාධිපතිතුමාගේ නිල වෙබ් පිටුවේ ශෙයා කරමින් කියන කතාවක්.ඒක නිසා ඉතිහාසයේ වේදිකාවෙන් බැහැලා යන්නේ කොහොමද කියලා ජනාධිපතිතුමා දැන්මම තීරණය කළොත් හොදයි.ඒ අවසන් අවස්ථාව පුද්ගලයෙක් විදිහට ජනාධිපති ඉස්සරහට ඇවිල්ලා.ජනාධිපතිතුමා ආය කියන්නම්.මතක තියාගන්න.මේ ඉතිහාසය ඔබතුමාට දෙන අවසන් අවස්ථාව කියලා.

වැඩේ කරනවා නං ඇඹරි ඇඹරි ඉන්නේ නැතිව වැඩේ කරන්න.ඒකට අවශ්‍ය සියලු බලතලවලින් ඔබතුමා සන්නාහ සන්නද්ධයි. ඒත් මේ ඔක්කොම තිබුණත් වැඩක් සෘජු තීරණ ගන්න තරම් කශේරුවක් නැත්තම්. ඒකට ඉතින් රටේ රාළට දෙන්න බෑ.ඇත්තටම දෙන්න පුළුවන් නම් රටේ රාළ රට ගැන හිතලා ජනාධිපතිතුමාට ඒකත් දෙනවා.

එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි.ජයවේවා.

මීට
රටේ රාළ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More