ගොවීන් පොහොර ගැටලුවෙන් පීඩා විඳිමින් සිටියදී හම්බන්තොට ෆෝමියුලා වන් මෝටර් රථ තරග ධාවන පථයක් ඉදිකිරීම පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ වී තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.
ඊට අදාළ මූලික සාකච්ඡාවක් ජපාන සහ ස්පාඤ්ඤය ආයෝජකයින් පිරිසක් අතර ආරම්භ වී තිබෙන බවයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ.
කිලෝමීටර් 5. 6 ක ගොන්ප්‍රී ධාවන පථයක් වන එය රජයේ ඉඩමක ඉදිකිරීමට යෝජිත බවයි ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු උපුටා දක්වන පුවත්පත් වාර්තාවක දැක්වෙන්නේ
දේශීය සම්පත් හා දේශීය විශේෂඥ දැනුම ඒ සඳහා උපයෝගි කර ගැනෙන අතර රේසින් කාර් හම්බන්තොට වරායෙන් ගොඩබෑම හා අදාළ තරග සඳහා සහභාගිවන්නන්ට මත්තල ගුවන් තොටුපළ යොදා ගැනීම සැලැස්මේ මූලික අරමුණක් බවත් මෙය ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...