දේශීය පුවත්

අදානි සමුහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා අද දිනයේ දි ජනාධිපතිවරයා හමුවීමට නියමිතය. ඒ බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තාකර ඇත.

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධන කටයුතු අදානි සමුහ ව්‍යාපාරයට ලබාදී ඇති අතර ඒ සම්බන්ධයෙන් ගෞතම් අදානි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව හින්දු පුවත්පත් වාර්තාවේ සඳහන්ය.

ගෞතම් අදානි මහතා පෞද්ගලික සංචාරයක් සඳහා එලෙස අද දිනයේ දිවයිනට පැමිණෙන අතර ජනාධිපතිවරයාට අමතරව රජයේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකු ද එහිදි හමුවීමට නියමිත බව වාර්තා වෙයි.කොළඹ වරාය බටහිර පර්යන්ත ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු ලබන නොවැම්බර් මස ආරම්භ කිරිමට නියමිත බව අදානි සමුහ ව්‍යාපාරය විසින් මීට පෙර ප්‍රකාශයට පත්කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More