දේශීය පුවත්

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 305,370ක තොගයක් දිවයිනට රැගෙනවිත් තිබේ.

අද (25) අලුයම කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකින් එම එන්නත් තොගය දිවයිනට රැගෙනවිත් තිබේ.

මේ අතර ඊයේ (24) දිනයේ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 555 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 536, 084 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ආසාදිතයින් 503,388ක් සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 19,085 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර තවත් කොවිඩ් මරණ 18ක් පසුගිය ඔක්තොම්බර් 23 වනදා සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,611ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ අතරට කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු අයත්ය.

ඉන් 12 දෙනෙකු වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වන අතර අවුරුදු 30ත් 59ත් අතර පස්දනෙකු සහ අවුරුදු 30 අඩු එක්අයෙකු ඒ අතර වන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More