රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (24) කුරුණෑගල බතික් අත්යන්ත්‍ර ඇඟලුම් පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනින්, හැමදේම හරි යැයි සිතා අන්ධානුකරණයෙන් ආණ්ඩුව තුළ වැඩකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නොමැති බව පැවසුවේය .
එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා,
“පාස්කු සිද්ධිය පැහැදිලිවම වෙන වෙන පැතිවලට දැන් කැරකිලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඕන ඕන පුද්ගලයෝ ඇතුළට දාන්න බැහැ. මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා මේකට වගකිව යුතුයි කියනවා නම් ඒකට පැහැදිලි සාක්ෂි තිබිය යුතුයි කමිෂන් සභාවේ. එහෙම සාක්ෂි නැහැ. මම පැහැදිලිවම කියනවා මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා මේ සිද්ධිය දැනුවත් වුණා කියලා සාක්ෂි නැහැ. මේ කොමිෂන් සභාවේ අය මවුලවිලා එක්ක සාකච්ඡා කරලා එකට බුරියානි කෑව අය. ඒකෙ තීන්දු ගැන අපට ප්‍රශ්නයක් තියෙනවා. මේකේ ඇත්ත මොළකාරයෝ අනිවාර්යයෙන් රට දැනගත යුතුයි.” පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...