අද (24) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසා සිටියේ හෙට (25) දිනයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන බවයි.
“පාසල් කටයුතු ආරම්භ වුණාම, හෙට පස්වරු 2ට අපි කොටුව දුම්රිය පොළ ඉදිරියේ උද්ඝෝෂණයක් පවත්වනවා. රට පුරා සෑම නගරයකම අපේ උද්ඝෝෂණ සංවිධානය කරනවා. ”
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ,
“හෙට දවසේ 1-5 ශ්‍රේණිවල ගුරුවරු සේවයට වාර්තා කරනවා. නමුත් පළාත් අතරේ ගුරුවරුන්ට යන්න පහසුකම් නෑ. සොච්චම් වැටුපෙන් ත්‍රීවිල් හයර් කරන් යන්න බෑ. පොදු ප්‍රවාහනය යළි සක්‍රීය වෙන තුරු ඒ ගුරුවරුන්ට නිවාඩු දෙන්න ඕනේ. පුළුවන් නම් එක ගුරුවරයෙකුගේ විදුහල්පතිවරයෙකුගේ නොවැම්බර් මාසයේ වැටුප නතර කරලා පෙන්වන්න . ඔන්න දැන් අපේ අභියෝගය. පාසල් යමින් උගන්වමින් අරගලය පෙරට. පහසුකම් දෙනතුරු ඔන්ලයින් අධ්‍යාපනයේ අපි නියැලෙන්නේ නෑ.7.30යි 1.30 අතරේ දරුවන්ගේ කටයුතු පමණයි අපි කරන්නේ.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...