දේශීය පුවත්

චීනයෙන් ගෙන්වා ඇති තුන්වන වතාවටත් නිරෝධායන පරීක්ෂණයෙන් අසමත් වූ කාබනික පොහොර තොගය මෙරටට ගොඩබානවාද නැද්ද යන තීරණය මත මෙරට කෘෂිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය වනු ඇතැයිද එම පොහොර තොගයේ අන්තර්ගත ක්ෂුද්‍ර ජීවීන් අපේ පසට, බෝගයන්ට, සතුන්ට හා මිනිසුන්ට කවරාකාර බලපෑමක් එල්ල කරයි දැයි පුරෝකථනය කිරීමට සමත් කිසිවකු නැතැයිද රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි ජීව විද්‍යා පීඨයේ මහාචාර්ය නාලිකා රණතුංග සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් පවසයි.

“අවසන් වරට නැවතත් මතක් කරමි.

තුන්වන වතාවටත් නිරෝධායන පරීක්ෂණයෙන් අසමත් වූ, ශාක රෝගකාරක බැක්ටීරියා ඇතුළු තවත් ක්‍ෂුද්‍රජීවීන් සිටින බව හොඳාකාරවම දන්නා, නයිට්‍රජන් ප්‍රභවය නොදන්නා චීන කාබනික පොහොර තොගය ශ්‍රී ලංකාවට අද රාත්‍රියේ පැමිණීමට නියමිතය.

එය ලංකාවට ගොඩබානවාද නැද්ද යන තීරණය අතර ඇත්තේ අත්සන් කිහිපයක් පමණි. එසේ ගසනු ලබන අත්සන් කිහිපය මඟින් මේ රටේ කෘෂිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය කරනු ඇත.

මෙසේ ගෙනෙන ලද ක්‍ෂුද්‍ර ජීවීන් අපේ පසට, අපේ බෝගයන්ට, සතුන්ට හා මිනිසුන්ට කවරාකාර බලපෑමක් එල්ල කරතිදැයි පුරෝකථනය කිරීමට සමත් කිසිවෙකු නැත. මිනිසුන් මෙන්ම කාර්මීකරණය වූ ප්‍රදේශ බහුල චීන පසෙහි ඇති ක්‍ෂුද්‍රජීවීන්ද වඩාත් ආක්‍රමනශීලී වේ යැයි නිකමට මට සිතේ.

මේ වැරැද්ද මතු කිසිම දිනක නැවත හැරවිය හැකි එකක් නොවේ. යම් හෙයකින් රට සුරකින නිරෝධායන ආරක්ෂිත වලල්ල බිඳ හෙලුවහොත්, අනාගතයේ තව තවත් මෙවැනි ව්‍යසන අපේ මව්බිම කරා ඉතා පහසුවෙන් ලඟා වෙනු නොඅනුමානය.

කෙතරම් පොරොන්දු දුන්නද, මෙය අපගේ රට තුළට ඇතුලු නොකර සිටීමට තරම් බලය ඇත්තෝ සංවේදී වේ යැයි සිතීමට තරම් කිසිදු සාක්ශියක් මා සතුව නොමැත.

බලවත් සිත් තැවුලෙන් මෙසේ ලියා තබමි 23/10/2021 මධ්‍යම රාත්‍රී 12.09″ යැයි ඇය එහි සටහන් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More