දේශීය පුවත්

විනාශකාරී ක්ෂුද්‍ර ජීවීන් අඩංගු බවට තහවුරු කර ඇති කාබනික පොහොර බලහත්කාරී ලෙස මෙරටට ලබාදීමට චීන සමාගම දරණ උත්සාහය වැළැක්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව ප්‍රකාශ කළේය.

“හාබර් මාස්ටර් වරාය අධිකාරියේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබෙනවා එම නැව ලංකාවට ඇතුල් කිරීමට ඉඩ ලබානොදෙන බවට. හැබැයි අපි ආණ්ඩුවට බලකර සිටිනවා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ ලබා දී ඇති තීන්දු ආපහු හැරවීම සඳහා කටයුතු නොකළ යුතුයි කියන ඉල්ලීම. මොකද මේක කෘෂිකර්මාන්තයටත් ගොවියාගේ ජන ජීවිතයටත් පාලනය විසින් සිදුකර ඇති විනාශකාරීත්වය හොඳටම ප්‍රමාණවත්. මෙවැනි විනාශකාරි ක්ෂුද්‍ර ජීවින් අපේ රටට ඇතුළු හරහා අපේ මුළු ජෛව පද්ධතියම සැලකියයුතු මට්ටමකට කඩාවැටීමට ඉඩ තියෙනවා.”

මෙරට ශාක නිරෝධායන සේවය මඟින් සිදුකළ පරීක්ෂණ වෙනුවට තුන්වන පාර්ශවයක් මගින් පරීක්ෂණයක් සිදු කිරීමට එකඟතාව පළකරන ලෙස අදාළ සමාගම විසින් යෝජනා කර ඇති බව ද කුමාර දිසානායක මහතා එහිදී පැවසීය.

මේ අතර, අදාළ නෞකාව වරාය තුළට ඇතුල්කර නොගන්නා ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා විසින් වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත දැනුම් දී තිබේ.

එම නෞකාව වරායට ඇතුළුවීම වළක්වන ලෙස උපදෙස් ලබාදී ඇති බව හාබර් මාස්ටර් කැප්ටන් නිර්මාල් ද සිල්වා මහතා සඳහන් කළේය.

මේ අතර, එම පොහොර ගෙන්වීමට අදාළ චීන සමාගම වෙනුවෙන් ණයවර නිකුත් කිරීම අවහිර කිරීමේ නියෝගයක් කොළඹ වාණිජ මහාධිකරණය මගින් ඊයේ නිකුත් කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More