ආණ්ඩුව ගෝනිවල අඩංගු යූරියා ස්ඵටික පොහොර වෙනුවට යූරියා දියකර බෝතල් ලෙස ඉතා ඉහළ මිලක් ගෙවා ආනයනය කරණ බවට එල්ලවන චෝදනා පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ පැහැදිලි කිරීම ඔහුගේ වචනයෙන් .
” මේ කතාව 90%ක්ම ඇත්ත.එම ආනයනික දියර පොහොර වල තිබෙන්නේ යුරියාම තමයි. නමුත් වෙනස්කම් දෙකක් තිබෙනවා. එකක් ඒවා නැනෝ තාක්ෂණය මගින් නැවත සකස් කළ යූරියා වර්ගයක්.ඒ නිසා සාමාන්‍යය යූරියා වලට වඩා ඉහළ ප්‍රතිශතයකින් ශාඛයට උරා ගන්නවා.නමුත් එම දියර වල තිබෙන්නේ නයිට්‍රජන් 4%ක් වැනි ඉතා සුළු ප්‍රතිශතයක්. දෙවැන්න එසේ වැඩි දියුණු කළ යූරියා වර්ග පොළොවට යොදන නමුත් මෙම දියර පොහොර කොළ වලටයි ඉසින්නේ. එත්කොට වැරදි තුනක් සිදුවෙනවා. පළමුවැන්න ශාඛ පත්‍ර වලට හානි වෙන්න පුළුවන් නිසි පරිදි යෙදුවේ නැතිනම්.දෙවැන්න නයිට්‍රජන් ප්‍රමානය අඩුයි. පොලොවට යොදන නැනෝ යූරියා වල 40%-50%ක් නයිට්‍රජන් තිබෙනවා.තුන්වැන්න ඒවා යූරියා වලට වඩා ඉතා මිල අධිකයි.ඒ වගේම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා වැඩි වශයෙන් යොදන්න වෙනවා.ඒ අනුව මෙතන එක වරදක් නිවැරදි කරන්න තව වැරදි කිහිපයක්ම කෙරෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...