දේශීය පුවත්

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් අමෙරිකානු සමාගමකට ලබාදීමේ ගිවිසුම පිළිබඳව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඉල්ලූ සාකච්ඡාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ කාර්යාලයේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයින් සහ නියෝජිතයින් අද(23) පැය 05ක් ඒ සම්බන්ධව සාකච්ඡා කළේය.

එම සාකච්ඡාවෙන් පසුව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ හෙට (24) දින සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

එහිදී වැඩිදුරටත් පවසා සිටියේ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම හෙට ජනාධිපතිවරයා සමග පැවැත්වෙන අතර එහිදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා අදහස් දක්වමින්,

“අපි බලාගාරයේ ගිවිසුමට විරුද්ධයි . අපි ඒකමතිකභාවයකට ආවා. අත්සන් කරලා ඉවර නෑ කිසිදෙයක්. දේශපාලන බලය මතයි සියල්ල තීරණය වන්නේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More