පුරවැසි කොලම

2015 වර්ෂයේ කාල් මාස්ක් 200 වන ජන්ම ශත සංවත්සරය සැමරීම වැඩි වශයෙන් අධ්‍යනයට සහ විශ්ලේෂණයට පාත්‍ර කරනු ලැබුවේ බටහිර ආර්ථික විශේෂඥයින් විසිනි.2008-09 වර්ෂයේ දේපල අධි නිෂ්පාදනය මුල් කරගෙන ඇතිවවූ ආර්ථික අර්බුදය සමග ඔවුන් යලි යලි කාල් මාස්ක් දෙසට හැරෙමින් සිටියහ.මා pure TV මගින් BBC නාලිකාව හරහා ආර්ථික විශ්ලේෂකයින් ඉදිරිපත් කල කරුණු පිලිබදව දිගින් දිගටම අවධානයක පසු වුයේ එය නැවත නැවත බැලිය හැකි බැවිනි. CNN ,Aljazeera සදහා එම පහසුකම Pure TV ලබා නොදෙන නිසා වැඩි අධ්‍යනයක් සිදු කිරීමට නොහැකි විය.BBC ආර්ථික විශේෂඥයින් කාල් මාක්ස් ඉදිරිපත් කළ කරුණු මුලික කරුණු 5කට සම්පින්ඩනය කරනු ලැබීය .

1- ධනවාදය වර්ධනය වීමට සහ පවත්වා ගැනීමට මිනිසාට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ නිපදවා අලෙවි කළ යුතුය. සරල උදාහරණය නම් ඔබට කොපමණ ඇදුම් තිබුනත් වෙළද පොළ නව මාදිලියක් ඉදිරිපත් කර විකුණා ගනු ලබයි.

2. එම ක්‍රියාවලියේදී මිනිසාට මිලදී ගැනීමට නොහැකි තරම් අධි නිෂ්පාදනයක් සිදුවේ. 2008 ඇමෙරිකාවේ ඇතිවූ දේපල අධි නිෂ්පාදනය ඔවුන් උදාහරණයකට ගනී.

3. අධි නිෂ්පාදන ක්‍රියාවලියේදී මධ්‍යම පන්තියක් බිහිවේ.නිෂ්පාදනය වන භාණ්ඩ මිලදී ගන්නා ක්‍රියාවලියේදී තිරණාත්මක කාර්ය භාරයක් මධ්‍යම පන්තිය සිදුකරනු ලබයි.නිෂ්පාදන මිලදී ගැනීමෙන්ම ඔවුන් හෙම්බත් කරවනු ලබයි.බහුතර මධ්‍යමපන්තියක් ගොඩ නැගී ඇති ඇමෙරිකාවේ සහ යුරෝපයේ ඇතිවූ මහජන කැළඹීම් උදාහරණයකට ගනී.

4.අධි නිෂ්පාදනය මිලදී ගැනීමට නොහැකි තරමට මධ්‍යම පන්තිය දුප්පත්වේ .ආර්ථිකය බිද වැටේ .දේපල වෙළදපොල බිද වැටී 2008 ඇතිවූ ලෝක ආර්ථික අර්බුදය යලි උදාහරණයට ගනී.

5 විප්ලවය සිදුවේ .සමාජවාදී ආර්ථික ක්‍රියාමාර්ග ආරම්භ වේ.

ඉහත කරුණු 5න් 4 ක්ම නිවැරදිව සිදුව ඇති බව සහ සිදුවෙමින් පවතින බව ලෝක ආර්ථික විශ්ලේෂකයින් පිළිගන්නා බව BBC නාලිකාව ප්‍රකාශ කළේය .ආර්ථිකය බිද වැටෙන සැම විටකම සමාජවාදී ප්‍රතිසංස්කරණ සිදු වන බව ප්‍රකාශ කල ඔවුන් මාස්ක් කියූ විප්ලවය පමණක් සිදු වී නැති බව ප්‍රකාශ කරයි.

ධනවාදය බිහිවී වසර 100ක් ගතවූ පසු කොමියුනිස්ට් ප්‍රකාශනය 1848 දී ලියනවිට මාස්ක්ගේ වයස අවුරුදු 33 කි.එන්ගල්ස්ට 28 කි. ඒ වන විට යුරෝපය සහ ඇමෙරිකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය සහ ගැටුම් දුටු ඔවුන් ඉක්මන් ධනවාදයේ බිද වැටීමක් අපේක්ෂා කල බව පෙනී යන නමුත් වයසින් මුහුකුරා යනවිට එවන් ඉක්මන් බිදවැටීමක් පිලිබදව කොමියුනිස්ට් ප්‍රකාශනයේ තරම් හුවා දැක්වීමක් සිදු නොකරයි.එහෙත් පසුකාලීනව ආර්ථික වර්ධනයේ ඈත පෙරදිග බිහිවූ දැවැන්ත ජනගහනයක් ඇති රාජ්‍යයන්ගේ බිහිවීම පිලිබදව ඔවුන් බරපතල අනාගත නිරීක්ෂනයක්ද නොපෙන්වයි.මාස්ක්ගෙන් පසුවද වසර 140 කට ආසන්න කලක් ගතව ඇතත් ධනවාදී ආර්ථිකය එකලට සාපේක්ෂව දහස් ගණනක වර්ධනයක් පෙන්වමින් තවමත් ඉදිරියට ගමන් කරමින් පවතී.මාක්ස් කොමියුනිට්ස් ප්‍රකාශනය ලියන විට පැය 10ක සේවා මුරය පැවතියේ බ්‍රිතානයේ පමණි.ලොව එපමණකට අමානුෂික විය.මාස්ක් සහ එංගල්ස් වැනි සංවේදී මනවවාදීන්ගේ අදහස් බිහිවීමට එම අමානුෂිකබව නිරීක්ෂණය වීමෙන් වූ සන්වෙදනයද ඉවහල් වන්නට ඇත . ධනවාදය තුල එපමණ අමානුෂික භාවයක් තවමත් ගෝත්‍රිකභාවයන්ගෙන් මිදීමට අසමත්ව ඇති ආසියාවේ, අප්‍රිකාවේ හෝ ලතින් ඇමෙරිකාවේ රටවල් වලවත් අද දක්නට නොමැත .ධනවාදී ආර්ථිකය කෝටි සංඛ්‍යාත ජනගහනයක් දරිද්‍රතාවයෙන් , සාපේක්ෂ අමානුෂික භාවයෙන් සහ ගෝත්‍රිකභාවයෙන් මුදවා ඇත. මිනිස් නිදහසක්ද ලබාදී ඇත.

ධනවාදී ක්‍රමය ඉදිරියටත් ගමන් ගන්නා ස්වභාවය විශිෂ්ඨ ලෙස ලෙනින් නිරීක්ෂණය කරයි .අධිරාජ්‍යවාදය ධනවාදයේ උපරිම අවධිය යයි යනුවෙන් ඔහු ලියු කෘතියේ භාණ්ඩයක් ලෙස ප්‍රාග්ධනය සංසරණය වෙමින් යටත් විජිත රාජ්‍යන්ගේ ආයෝජනය කරන අයුරුත්, දුම්රිය මාර්ග ඇතුළු යටිතල පහසුකම් දියුණු කරන අයුරුත් ,බහුජාතික සමාගම් ලෙස ආධිපත්‍ය පතුරුවන අයුරුත් විශිෂ්ඨ ලෙස ලියා දක්වයි.එනම් ප්‍රාග්ධනය භාණ්ඩයක් ලෙස විකිණෙමින් තව තවත් ලාභ වැඩි කරගන්නා අයුරු සමාගම්වල නම් ගම් සහ සංඛ්‍යා දක්තද සමග මහා ප්‍රඥයෙක් වූ ලෙනින් උපුටා දක්වයි. ඈත පෙරදිග දක්වා ධනවාදයට යාහැකි ගමන එම කෘතියෙන් විශිෂ්ඨ ලෙස පැහැදිලි කරයි .එම විශිෂ්ඨ තේරුම් ගැනීම විප්ලවයෙන් පසු ඔහු විසින් කොමියුනිස්ට් පක්ෂය යටතේ ධනවාදී සංවර්ධන වැඩපිළිවෙල ඉදිරපත් කිරීමට මුල් වූ බව සිතිය හැක. රුසියානු විප්ලවය මාස්ක් කියූ ලෙස මධ්‍යම පන්තිය හිරවී ආර්ථිකය බිද වැටීමක් මත ඇතිවූ විප්ලවයක් නොව ‘ගහලා ගැනීමකි ‘.ගහලා ගැනීමට ලෙනින් ‘වැඩකාරයින් ” එක් කරගන්නා ලදී .ලෙනින්ගේ අකල් මරණයෙන් පසු වැඩකාරයින් විසින් වර්ධනයක් නොමැති එහෙත් ලොව කිසි කෙනෙකුට නොමැති තරමේ තමන් සතු සම්පත් පරිභෝජනය කරමින් ජීවත්වන ‘සමාජවාදය ‘ ගොඩනගන ලදී .

සමාජවාදය බිඳ වැටී දැන් අවුරුදු 30කි .එමකාලය කාලය තුල ලෝක ආර්ථිකය ආසන්න වශයෙන් 4 ගුණයකින් ඉහල ගොස් ඩොලර් ට්‍රිලියන 95ක් විය. එයින් සෝවියට් සමාජවාදී කදවුර දරන්නේ 4% ක පමණ ධාරිතාවයකි. රුසියන් සමාජවාදය සමග නොපෑහුණු රටවල් ආර්ථික වර්ධනයේ දැවැන්ත කාර්ය භාරයක් ඉටුකර ඇත. දරිද්‍රතාවයෙන් සහ ගෝත්‍රික භාවයෙන් කෝටි ගණනින් මිනිසුන් මුදාගෙන ඇත.මාඕ විසින් ගහලා ගැනීමට ප්‍රංශයේ කර්මාන්තවල වැඩ කරපු චෞ එන්ලායිලා සහ ඩෙන් ශිආඕ පෙන්ලා එක් කරගත් බැවින් ලෙනින්ට කල නොහැකිවූ ,ස්ටාලින් නොකළ, කොමියුනිට්ස් පක්ෂයක් යටතේ ධනවාදී සංවර්ධන ක්‍රියාවලිය ඉටු කිරීම චීනය විසින් සිදු කරයි. නගරයේ චෙස් අදින කාමරයට පැමිණ පිහිය වනන උගුර් මුස්ලිම් එකාද , හොදට මත්පැන් බී ලොකු බුදු මැදුරක් හදාගෙන අගුපිලේ නිදන ටිබේට බෞද්ධයාද නගරයේ කුරුසය ගැසීමට පමණක් ජීවත්වන කතෝලිකයාද පල්ලි,පන්සල් බිද දමමින් වෙනස් කරයි.වැඩකාරයකු සේම මොලකරයකුද වූ ප්‍රංශයේ කරක් ගැසූ හොචිමින්ගේ වියට්නාමය, දල ජාතික නිෂ්පාදනයෙන් ඉහලම අපනයන ප්‍රතිශතයටද හිමිකම් කියන්නේ ගොවීන්ගේ කෘෂි අපනයන අපේ මුළු අපනයන ,මෙන් 5 ස් ගුණයක අගයක් පෙන්වමිනි. රටේ ඉහලම මධ්‍යම පන්තියේ මානව වාදීන්ගේ මුලිකත්වයෙන් ගොඩනැගුනු කියුබානු විප්ලවය ධනවාදයේ කෘර බව වෙනුවට ඉහලම මානවවාදී රටක් ගොඩනගා ඇත්තේ ශ්‍රී ලංකාවටත් වඩා ඉහල ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදනයකට හිමිකම් කියමින් වුවද ආර්ථිකය ගොඩනැගීමේ ක්‍රියාවලියට රජයේ සේවකයින් අඩක් අඩුකරමින් විවිධ පියවර තබමින් සිටී.තුන් වන ලෝකයේ ලතින් ඇමෙරිකානු සහ ආසියා ශාන්තිකර කලාපයට සාපේක්ෂව අපද අයත් දකුණු ආසියානු සහ අප්‍රිකානු කලාපය තවමත් ගෝත්‍රික ලක්ෂණ වලින් මිදීමට අපොහොසත්ව සිටී.89 වසරේ බිහිවූ විප්ලව ව්‍යාපාරයද , එය මර්ධනය කල අයුරුද, ණය ගෙවා ගැනීමට නොහැකිවන තැනකට පත්වන තුරු ආ අපගේ මෝඩ ගමන සිංහල ගෝත්‍ර වාදයකින් වසා තැබීමට තරම් මුග්ධ වීම අපගේ ගෝත්‍රික ලක්ෂණ ඉහලින්ම පෙන්නුම් කරයි.ග්‍රාමීය ධරිද්‍රතාවය දකුණු ආසියාවේ ,අප්‍රිකාවේ ගෝත්‍රික භාවය දිගු කිරීමට ප්‍රතිපෝෂණය ලබා දේ.විද්‍යාවක් නොමැති දේශප්‍රේමය මෙම කලාපවල සුලභය.ධනවාදී සංවර්ධනයක් සමග ප්‍රබල මධ්‍යම පන්තියක් ගොඩනැගෙන ලකුණු නැත.

අධ්‍යනය කිරීමේදී පෙනී යනුයේ කිසිදු වාදයකට ධනවාදී ආර්ථිකය මගහැර යා නොහැකි බවය. එයට පිටත සිට පහර දීම නිෂ්ඵල බවය. එය මධ්‍යම පන්තිය ගොඩනැගී එය විසින්ම සිරවන තුරු ප්‍රාග්ධනය භාණ්ඩයක් ලෙස විකිනෙමින් ඉදිරියට යන බවය .පසුගාමී ආර්ථික සමාජයන් පවතින රටවල් තුලට ප්‍රාග්ධනය පැමිණ පහසුවෙන් සම්පත් මිලදී ගන්නා බවය. එම රටවල් ශ්‍රී ලංකාව මෙන් බෙලහීනයන් ලෙසට මිස පෞරුෂයක් ඇති ලෙසට ජාත්‍යන්තරයට එක් නොවන බවය.දියුණු ධනවාදී කදවුරේදී සිරවන ප්‍රාග්ධනය, අර්බුදයන් එහි ඇතිවන විට යලි යලිත් එයින් පිටතට ගමන් කර මධ්‍යම පන්තියක් ගොඩනැගී නැති ආර්ථිකයන් තුල ආයෝජනය කරයි. .2008-2009 ශ්‍රී ලංකාවේ යුධ ජයග්‍රහණයට අමෙරිකාවෙන් පැමිණ බැදුම්කර වල ආයෝජනය කල ඩොලර් තීරණාත්මක කාර්යයක් ඉටු කරන ලදී .ධනවාදී ආර්ථික වර්ධනයක් වීමේ ඉඩකඩ ප්‍රබලව ඉතිරිව ඇත්තේ මධ්‍යම පන්තියක් ගොඩ නැගී නැති කලාපවල පමණි.අනෙක් තැන්වල සිරවී එක තැන පල්වෙමින් පවතී .

දැවැන්ත මධ්‍යම පන්තියක් ගොඩ නැගී ඇති බටහිර ආර්ථිකයන් දෙවන ලෝක යුද්ධයෙන් පසු 7% ලෝක ආර්ථික වර්ධනයකට දායක වූ නමුත් කොවිඩ් අර්බුදයන් ඇතිවීමට පෙර සාමාන්‍ය තත්වයේදී එය 3% වැනි ආසන්න අගයකට 21 වන ශතවර්ශයේදී ඇදවැටිණි .බොහෝ යුරෝපිය රටවල ආර්ථිකය 1% වත් වර්ධනය නොවෙයි.කොමියුනිට්ස් ප්‍රකාශනයේදී මාස්ක් සහ එංගල්ස් ප්‍රකාශ කල විකුණා ගැනීම සදහා දියුණු කරන ලද නානා ප්‍රකාර උප්පරවැට්ටි ISO .KPI ,SOP Mackenzie 7 , Lean six zigma ආදී නම් වලින් විවිධ ක්‍රම දියුණු කර අනවරත අරගලයක නිරත වුවද සිරවීම නැවත්වීමට නොහැකිව ඇත .ඒවා අර්බුදයකදී නිදහස් කළහැකි විශාල ප්‍රාග්ධනයක් සහිත ආර්ථිකයන් වුවද තව දුරටත් වර්ධනයක් පෙන්නුම් නොකරයි.ලෝක ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරනුයේ වේගයෙන් මධ්‍යම පන්තීන් ගොඩනැගෙන (මධ්‍යම පන්තීන් තවම ගොඩනැගී නැති)ආසියා ශාන්තිකර කලාපය ඇතුළු අනෙකුත් රාජ්‍යයන්ගෙනි .චීනයේ මධ්‍යම පන්තිය කෝටි 90කට ආසන්න ජනගනයකි.ඉන්දියාවේ කෝටි 30 කි.බංගලිදේශය ,වියට්නාමය ,පිලිපීනය ,තායිලන්තය, ඉන්දුනීසියාව,රුවන්ඩාව වේගවත් වර්ධනයක් තවම පවත්වාගෙන යන නමුත් මධ්‍යම මධ්‍යම පන්තිය වේගයෙන් ගොඩනැගෙනවිට ආර්ථික වර්ධනය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී .චීනයේ වත්මන් වර්ධනය 5% ක් වුවද කලකට පෙර 15% කි.බටහිර ආර්ථිකයන් සිරවුණු සැම විටම යහපත් කළමනාකරණයක් සහිත රටවල් කරා ප්‍රාග්ධනය භාණ්ඩයක් ලෙස ගලා අවේද මෙවන් රටවලටය.

විශිෂ්ඨ කළමනාකාරයන් සහිත රටවල් තමන්ටම අවේනික ආර්ථික පෞරුෂයක් පෙන්නුම් කරයි.දේශප්‍රේමී ගෝත්‍රික භාවයක් පෙන්නුම් නොකරයි.ගෝත්‍රික දේශප්‍රේමයක් මත අනෙක් පසුගාමී රටවල් මෙන් තමන්ට නොදැනී තමන්ම විකිනෙන තත්වයක් නොපවතී.දැනුවත් විකිණීමක් සහිතව පමණක් ජාත්‍යන්තරයට එකතුවේ .විශාල ජන කොටසක් දරිද්‍රතාවයෙන් සහ ගෝත්‍රික භාවයෙන් වේගවත්ව මුදවා ගැනීමේ මානව ඉතිහාසයේ විශිෂ්ඨ ක්‍රියාවලියකට හිමිකම් කියයි.ආරම්භයේ සිටම පහලම ස්ථරයන්ට (ගොවි) මුදල් ගලායන සහ ප්‍රාග්ධන සංචිත ගොඩනැගෙන ආර්ථික යාන්ත්‍රණයක් භාවිතා කරයි.

“පිදෙල් කස්ත්‍රෝ නමැති ගොවියා” කෘතිය ආර්ථික අදහස් සහ මානවවාදී සංවේදී කරුණු මත මා විසින් ලියන ලද ලිපි එකතුවකි. අප රටේ මුලික අභියෝගය ගෝත්‍රික භාවයෙන් මුදවා ගැනීමයි. (ගාථා කියමින් ,පන්සල් යමින් තමන්ටම නොදැන ගෝත්‍රික භාවයන්ගෙන් වැසී ඇති ආසියාවේ මෝඩම රටවල් දෙක ශ්‍රී ලංකාව සහ මියන්මාරයයි.) පහලටම ආර්ථිකය ගලා යාමේ වැඩපිළිවෙලක් ගොඩනැගීම පළමු ප්‍රගතිශීලී කාර්ය භාරයයි .ණය මත ඉදිවන දැවැන්ත යටිතල පහසුකම් ග්‍රාමීය පසුගාමිත්වය වේගයෙන් ඉවත් නොකරයි.ග්‍රාමීය ජනතාවගේ අඩු අදායම නාගරික ජනතාවට මෙන් ස්වාධීනව තීරණ ගැනීමට පිට කොන්දක් ලබා නොදෙයි .ග්‍රාමීය අදායම ඉහල නැංවීමට සෘජු විදේශ ආයෝජන (FDI ) නොපැමිණෙයි . කිරිපිටි,පාන්පිටි ,සීනි,එළවලු,පලතුරු පාම්තෙල්, ටින්මාලු ඇතුළු ඩොලර් මිලියන 2000කට ආසන්න කෘෂි ආනයන වෙළදපොලින් කොටසක් ගොවීන් වෙත හැරවීමෙන් ඔවුන්ගේ අදායම මසකට රු 75000 දක්වා පහසුවෙන් ඉහල දැමිය හැක . මා ගෝත්‍රික බෙදුම වාදයට ඉඩක් නොමැති ලෙස ගෝත්‍රික ජාතික ගැටලුවද විසදමින් පළාත්බදව ආර්ථික බලතලද විමධ්‍යගත කිරීමට යෝජනා කරන්නේ ඉක්මන් වර්ධනයකට අඩිතාලමක් වෙනුවෙනි .මධ්‍යම රජයේ මුදල් අමාත්‍යාංශය නමැති ‘ස්ටාලින් ‘ පන්නයේ කදවුර වර්ධනය සිරකරගෙන සිටී.

වතු කම්කරුවන්ද වහල් භාවයෙන් නිදහස් කල යුතුමය .එය ආර්ථික සංකල්පයන්ගෙන් බල ගන්වන ලද මානවවාදී ක්‍රියාවලියක් විය යුතුමය එය ‘ස්ටාලින් ‘ මොඩලයේ වතු සමාගම් සහ ගෝත්‍රික සංකල්ප විසින් අවුරා සිටී.මානවවාදය සහ ආර්ථික සංකල්ප මතින් එය බිද දැමිය යුතුමය .වතුකම්කරුවන් වහල් භාවයෙන් මුදා පරිසරය රැකගැනීම සහ විදුලිබල මණ්ඩලය ලාභ ලැබීම එකක් ලෙස මට පෙනෙන්නේ එහෙයිනි.

ධනවාදය කොපමණ වර්ධනයක් ලැබුවද එය මිනිස් දැනුම විසින් ගොඩ නැගු මිනිස් සංකල්ප වලට නිසි තැනක් ලැබෙන සමාජයක් ගොඩ නොනගයි. එහෙත් එය මිනිස් සමාජයේ කුඩු කේඩුකම් වේගයෙන්ම ඉවත් කිරීමට මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම ක්‍රමයයි .එය මානවවාදීන් අතට චීනයේ හෝ වියට්නාමයේ හෝ කියුබාවේ මෙන් ගැනීමට හැකි නම් මිනිස් සමාජය වේගයෙන් යහපත් වනු ඇත . අපට බටහිර බිහිවූ විශිෂ්ඨ ධනවාදයක උරුමය පෙනෙන තෙක් මානයක නොමැත.

ගිරිය පුප්පා කෑ ගසමින් ධනවාදයේ කුණු ගොඩවල් පෙන්වමින් එහිම කටු ලෙවකමින්,එහිම කොටස් බවට පත්වී ජීවත් වන ව්‍යාපාර සහ පුද්ගලයින් ධනවාදීන් ගොඩනැගු දැනුම ලබානොගන්නා තුරු අප වැනි රටවල් පසුගාමීම වනු ඇත. ධනවාදය ඉකමනින් ඉවර කිරීමට කාර්යක්ෂම ධනවාදයක්ම අවශ්‍ය වනු ඇත.එය විසින් එය සිර කරන තුරුම ලෝකය සමග ගමන් කිරීමට සිදුව තිබේ.ධනවාදී සංකල්ප දියුණු ලෙස ගොඩ නගන දියුණු මානවවාදීන් පිරිසක් අවශ්‍යව ඇත.

(ඉදිරියේදි නිකුත් වීමට නියමිත අරුණ කාන්ත බණ්ඩාර විසින් ලියන ලද (කෘෂි ) ආර්ථික උපායමාර්ග සහ වෙනත් දේශපාලන උපායමාර්ග පිලිබද ලියවුණු ලිපි පෙළක් අනුසාරයෙන් ඵල කිරීමට නියමිත කෘතියේ මූලික හැදින්වීම, එම ලිපි පෙළ සම්බන්ධව සංවාදයකට විවෘත කිරීම පිණිස මෙසේ ඉදිරිපත් කළෙමු.)

අරුණ කාන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More