ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් ක්‍රියත්මක චෝදනා සහ අභියෝග විසඳීම සඳහා තේරීම් කාරක සභාවක් පිහිටුවන ලෙස බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලීමක් කළේය.
විශේෂයෙන් මෙරට හමුදාපති ඇතුළු ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ 29 දෙනෙකුට ඇමෙරිකාවට ඇතුළුවීමට නොහැකිවීම, අමෙරිකානු කොංග්‍රසයේ පහළ මන්ත්‍රීවරුන් විසින් ලංකාවට එරෙහිව යම් යම් නීති කිහිපයක් සම්මත කිරීමට යාම, ඔන්ටාරියෝහි ප්‍රාථමික පාර්ලිමේන්තුවේ ‘ Genocide Week ලෙස ළමයින්ව කරුණු පැහැදිලි කිරීමක් නම් කිරීම, ශ්‍රී ලාංකේය නීතිඥවරයෙකුට විරුද්ධව යස්මින් සූකා නඩුවත් පැවරීම යන කාරණා රටට එරෙහිව ක්‍රියාත්මක වන ක්‍රියාකාරකම් බව රාජ්‍ය ඇමතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.
කතානායකවරයාට යොමු කළ ලිපියක දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම කරුණ බොහෝ විට රටට අභියෝගයක් ලෙස සලකන කරුණු වන අතර ඒවා සමග කටයුතු කිරීමේ උපාය මාර්ග සඳහා ඉහළ ප්‍රමුඛතාවක් රටේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ලබා නොදෙන බවය.
විශේෂයෙන් ජාත්‍යන්තර සහයෝගයයන් ඒවා පිටුබලන්නේ නම් හෝ ජාත්‍යන්තර වේදිකාවල බලපෑම් කිරීමේ වාර ගණන සහ අන්තවාදයේ බලපෑම වැඩෙන අවස්ථාවකදී ඒවා කළමනාකරණය කිරීම දුෂ්කර විය හැකි බවත් ගෝලීය ශ්‍රී ලංකා සංසදය විසින් කකානායකවරයා වෙත යොමු කරන ලද ලිපියේ යොමු කර ඇති අතර එමඟින් ඉහත කරුණු ඉස්මතු කර දක්වා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...