දේශීය පුවත්

කොවිඩ්-19 වැළඳීම වළක්වා ගැනීම සඳහා Mix and match’ ක්‍රමයට කොවිඩ එන්නත් ලබා දීම ඵලදායි බව අධ්‍යයනයකින් පළමු වරට අනාවරණය වී තිබේ.

එහිදී තහවුරු වී ඇත්තේ, කොවිඩි – 19 සඳහා ලබා දෙනු ලබන mRNA එන්නත්වලටත් (ෆයිසර්, මොඩර්නා) වඩා එමඟින් ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැගෙන බවය.

එමෙන්ම, එන්නත් මිශ්‍ර කර දීමෙන් ඩෙල්ටා ප්‍රභේදය වැනි ඉහළ ව්‍යාප්තියක් ඇති කොරෝනා වෛරස ප්‍රභේදවලින් ද ආරක්ෂාව සැලසෙන බව අදාළ අධ්‍යයනය මගින් සොයාගෙන ඇත.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ එන්නත් පිළිබඳ විද්‍යාඥයෙකු වන මැතිව් ස්නේප් ප්‍රකාශ කර ඇත්තේ, මෙම අධ්‍යයනයේ දත්ත කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලියට බෙහෙවින් වැදගත් වනු ඇති බව ය.

මෙම සොයා ගැනීම සම්බන්ධයෙන් nature’ වෙබ් අඩවිය පළ කර ඇති වාර්තාව උපුටා දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ “Mix and match ක්‍රමවේදයට කොවිඩ් එන්නත් ලබා දීම ඉහළ ඵලදායිතාවන් පෙන්වුව ද එහි ක්‍රියාකාරිත්වය කෙතරම් කාලයක් පවතිනු ඇති ද යන්න ප්‍රශ්න සහගත බවය.

ඒ අනුව, මිශ්‍ර එන්නත් ලබා ගත් පුද්ගලයින්ව බූස්ටර් මාත්‍රාවත් ලබා දිය යුතු ද? එසේ ලබා දෙනවා නම් එය ලබා දිය යුත්තේ කොපමණ කාලයකට පසුව ද? යන්න පිළිබඳව අධ්‍යයනය කළ යුතු බව ද ඔහු පෙන්වා දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More