දේශීය පුවත්

ප්‍රථම වරට නැනෝ පොහොර තාක්ෂණය ලෝකයට හඳුන්වාදුන්නේ තමා ඇතුළු කණ්ඩායම බව මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය පවසයි.

ඒ සඳහා අමෙරිකාවෙන් පේටන්ට් බලපත්‍රය ද මෙරටට හිමි වූ බව ඇය පැවසුවාය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය මේ බව පැහැදිලි කළාය.

“ශ්‍රී ලාංකිකයින් විදියට ආඩම්බරවෙන්න ඕනේ මම ප්‍රධාන විද්‍යාඥ කණ්ඩායම තමයි ලෝකයට පළමු වරට මේ නැනෝ යුරියා කියන වචනය එළියට දැම්මේ. ඒ වෙනකොට කිසි කෙනෙක් හිතලා තිබුණේ නෑ යුරියා කියන ගහකට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය නැනෝ පාර්ටිකල් එකකට දාලා කොහොමද ඩිලිව(ර්) කරන්නේ කියලා හරියටම. පොඩි පොඩි රිසචස් තියෙන්න ඇති. මෙවන විට අපිට US පෙටන්ට් ඔෆිස් එකෙන් පෙටන්ට් බලපත්‍ර 3ක් සම්මත කරලා තියෙනවා. එකක් නිකුත් වෙලා තියෙනවා. මේ පෙටන්ට් බලපත්‍රය නැනො තක්ෂණය ඔස්සේ US ඔෆිස් එකෙන් ලංකාවට ලැබුණු පළවෙනි පේටන්ට් එක.”

කෙසේවෙතත් එම පේටන්ට් බලපත්‍රය ඉන්දීය සමාගමට ලබාදුන් බව ද මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය පැවසීය.

මේ අතර දිවයින පුරා පිහිටි ගොවිජන මධ්‍යස්ථාන 106ක් වෙත ඉන්දියාවෙන් ආනයනය කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලබාදී ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල් අබේරත්න මහතා ප්‍රකාශ කළේය.

එම පොහොර අද (23) සහ හෙට (24) යන දිනවලදී ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන් වෙත ලබාදීම සිදුකරන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

ඊට අමතරව තවත් දියර පොහොර වර්ග කිහිපයක් ද ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන් වෙත ලබාදිමට නියමිතය.

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් මිලියන 3.1ක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති අතර ඉන් පළමු තොගය පසුගිය 20 වනදා මෙරටට රැගෙන එනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More