දේශීය පුවත්

ඇතැම් පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ හැසිරීම් සහ ක්‍රියාකලාප සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් ආණ්ඩුකාරවරුන් වෙත දැනුම් දී තිබේ.

පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ ක්‍රියාකලාප මෙරට ක්‍රියාත්මක වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, මහජන ඡන්දයෙන් තෝරාපත්කර ගනු ලබන ජනතා නියෝජිතයින් සහ එම ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳ ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ වැටෙමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී ඇත.

එවැනි ආකාරයේ සිදුවීම් විමර්ශනය කර ඊට සම්බන්ධ වැරදිකරුවන් වන පළාත් පාලන ආයතන නියෝජිතයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම ජනතා අවශ්‍යතාවයක්ව පවතින බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදාළ පළාත් පාලන ආයතන නියෝජිතයින් නියෝජනය කරන දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ ද අවධානය යොමු විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී තිබේ.

විෂමාචාර ක්‍රියාකාරකම් සිදුකරන පළාත් පාලන නියෝජිතයින්ට එරෙහිව ආණ්ඩුකාරවරුන්ගේ බලතල අනුව සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීම කළ යුතුව පවතින්නක් බව මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් ආණ්ඩුකාරවරුන් වෙත දැනුම් දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More