දේශීය පුවත්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට මාස 30ක් ගතවීම නිමිත්තෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ඊයේ (21) පස්වරුවේ පැවති දිව්‍ය පුජාවකට එක්වෙමින්, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටියේ, යුක්තිය ඉල්ලා තමන්වහන්සේ ඇතුළු කතෝලික සභාව වෙනත් මඟකට යොමුවීමට පෙර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කරන ලෙසයි.

අදාළ දිව්‍ය පුජාවට සහභාගිවීමට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරට පැමිණෙන විට ප්‍රදේශවාසින් යුක්තිය ඉල්ලීමේ පුවරු ප්‍රදර්ශනය කරමින් මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලට විරෝධය පළ කළ අතර ප්‍රදේශවාසින්ගේ අත්සනින් සකස් කරන ලද යුක්තිය ඉල්ලීමේ සන්දේශයක් කාදිනල් හිමිපාණන්ට , රජයට ලබාදෙන ලෙස ඉල්ලමින් පිළිගන්වනු ලැබූහ.

අනතුරුව දිව්‍ය පුජාව කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහිදී අදහස් දැක්වු උන්වහන්සේ,

“පාස්කු ප්‍රහාරය පිළිබඳව දැන් මාස 30ක් ගෙවිලා ගිහින් තියෙනවා. මේ වගේ දෙයක් සිද්ධවුණාම අපි ඔක්කෝම අහන ප්‍රශ්නයක් තියෙනවා නේ. ඇයි දෙයියනේ අපිට මෙහෙම දෙයක් වුණේ. කවුද මේ දේ කළේ කියන එකනේ අහන්නේ. අන්න ඒ ප්‍රශ්නය තමයි මාස 30ක් තිස්සේ අපි අහන්නේ. නමුත් අවාසනාවකට මේ ප්‍රශ්නයට තාම අපිට හරි පිළිතුරක් ලැබුණේ නෑ. කොයි කවුරුත් ඔය සත්‍ය හංගන්න උත්සහ කරාට ඒක හංගන්න බෑ. ඕක හෙළිදරව් වෙනවා. රබර් බෝලයක් වතුර බාල්දියක ඔබලා ඇතුළට තල්ලු කරන්න කොච්චර උත්සහ කළත් ඒ රබර් බෝලය උඩට එනවා වගේ මේක යටහගන්න හම්බෙන්නේ නෑ. එවැනි දෙයකින් දේශපාලන වාසි ලබාගන්න කටයුතු කළ අය කවුද කියන සත්‍යය අපිට දෙවියන් වහන්සේගෙන් හෙළිදරව්වෙනවා .”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More