තාවකාලිකව අත්හිටුවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව එලඹෙන 25 වනදා සිට නැවත ආරම්භ වේ.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එක්දින සේවාව දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතුය. සීමිත සේවාලාභීන් පිරිසකට බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් සහ ගාල්ල දකුණු පළාත් කාර්යාලයෙන් එක්දින සේවාව යටතේ එලෙස ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට නියමිතය.
මේ වනවිට සාමාන්‍ය සේවා යටතේ ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා අංක වෙන්කර ගත් ඉල්ලුම්කරුවන් සඳහා ද නියමිත දිනයේදී දෙපාර්තමේන්තුව වෙත පැමිණ තම ජාතික හැඳුනුම්පත ලබා ගැනීමේ පහසුකම් පවතී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...