දේශීය පුවත්

ඇමරිකානු සමාගමට ලංකාවට LNG සැපයීමේ ඒකාධිකාරිය හිමි වීම සම්බන්ධයෙන් තම බලවත් අප්‍රසාදය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආණ්ඩුවේ සෙසු පක්ෂ 11 නායකයින් අත්සන් කර ලිපියක් යොමු කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

එහි ඇති භයානක කම පැහැදිළි කරමින් තවදුරටත් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගේ අවස්ථාවක් ඉල්ලුවද එම අවස්ථාව නොලැබුණු බව ද ඇමතිවරයා පැවසීය.

අදාළ ගිවිසුම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දන්නේ අග්‍රාමාත්‍යතුමා සහ අදාල නිලධාරීන් බවත් ඔවුන් සමඟ සාකච්ඡා කිරීම වඩාත් සුදුසු ජනාධිපතිවරයා පක්ෂ නායකයින් වෙත වෙන වෙනම ලිපි යොමු කර තිබූ බවද ඔහු සඳහන් කළේය.

මෙම ප්‍රශ්නයට තවදුරටත් විසදුමක් නොලැබුනු බවත් අදාළ ඇමරිකානු සමාගමක් සමඟ තවත් ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට නියමිත බවත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇති බව ද ඇමතිවරයා පැවසීය.

එම ගිවිසුම් දෙක අත්සන් කිරීම සඳහා වන ක්‍රියාදාමයක් ආරම්භ වී නැතත් ආණ්ඩුවේ තමන් ඇතුළු සෙසු පක්ෂ 11ක් රැස්වී මේ සම්බන්ධයෙන් වහා ප්‍රතිචාර දැක්වීමට සාකච්ඡා කරන බව ද ඔහු පැවසීය.

මාධ්‍ය විසින් විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More