පුරවැසි කොලම

අමුතු ඇටේ ඉවරයි,

October 22, 2021 9:36 am | Lanka Lead News

රටේ රාළට නං හිතෙන්නේ ලංකාව ඇතුළේ සිද්ධවෙන ඉන්දියානු මැදිහත් වීම ගැන අපි දැඩි අවධානයෙන් ඉන්න ඕනි කාලයක් ඇවිල්ලා.මෙතනදී රටේ රාළ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතිහාස ගත සිදුවීම් ගැන නෙවෙයි.චෝල අධිරාජ්‍යයේ ඉදලා ඉන්දු ලංකා ගිවිසුම දක්වා ආපු ඉන්දියානු ආක්‍රමණය ගැන අපි දන්නවා.තවත් ඒවා ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ.කතා කරනවා නං කතා කරන්න තියෙන්නේ ඒවා විසින් නිර්මාණය කරලා තියන දේශපාලන යථාර්ථය ගැන.

ඇත්තටම දකුණු ආසියාව සළකා බලද්දී ඉන්දියාව කියන්නේ අපේ ලොකු අයියා.හැබැයි ආසියාවත් එක්ක හිතද්දී නං ඉන්දියාවට වඩා ලොකු අයියලා ඉන්නවා.රුසියාව හා චීනය කියන්නේ එහෙම අයියලා දෙන්නෙක්.ඔය කොයි ලොකු අයියත් ලංකාව කියන පොඩි මල්ලි ගැන විශේෂ උනන්දුවක් දක්වන බව පේනවා.එතනදී ඉන්දියාව හා චීනය විශේෂයි. හැබැයි රටේ රාළට හිතෙන විදිහට නං ළගදීම රුසියාවත් මේ අතරට එන එක නවත්තන්න බෑ.මොකද ඉන්දු පැසිපික් කලාපයේ ගොඩනැගෙන චින – රුසියානු විරෝධී ඇමරිකා – ඉන්දියා – ජපන් – ඕස්ට්‍රේලියා යුදබලය ගැන එයාලත් නිරන්තර අවධානයෙන් ඉන්න බව පේනවා.අනික මේ ඇමරිකා – ඉන්දියා මෙහෙයුම චීනයට විතරක් ගහලා නතර කරන එකක් නෙවෙයි.ඒක රුසියාව දක්වා යන දිගුවක්.ඒක නිසා දැනට ලොකුවට නැති උනත් ඉතා නුදුරු අනාගතයේදී නේටෝ විරෝධී චීන රුසියා යුධ පෙරමුණක් හැදෙන්න ඕනි.එකට චීනය,රුසියාව විතරක් නෙවෙයි උතුරු කොරියාව,ඉරානය,පාකිස්තානය,සිරියාව වගේ රටවලුත් එකතු වෙන්න පුළුවන්.ඒවා නැතිව රුසියාව හා චිනය විතරක් එකතු උනත් ඒක නොසලකා හරින්න බැරි දැවැන්ත යුද බලයක්.

කොහොම හරි ඉන්දියාව ගැන කතා කරන්න ගිහින් වටේ යන්න උනේ ඔයාලට මේ අනතුර ගැන තව ටිකක් තේරුම් ගන්න ලේසි වෙන්න.ඇත්තටම අද ඉන්දියානු මැදිහත්වීම අපට තනි ඉන්දියානු එකක් විතරයි කියලා විග්‍රහ කරගන්න බෑ.ඉන්දියාව අද එන්නේ ඇමරිකාව කියන චෞර්යයත් එක්ක.දෙන්නම් චෞර්යයෝ තමයි.විශේෂයෙන් දකුණු අසියාව,ඒ වගේම නැගෙනහිර ආසියාවට කරන හැම මැදිහත්වීමකදීම මාරුවෙන් මාරුවට ඇමරිකාව හා ඉන්දියාව එකා පිටිපස්සේ එකා ඉන්නවා.දකුණු ආසියාවෙදි ඉන්දියාව පිටිපස්සේ ඇමරිකාව ඉන්නවා, නැගෙනහිර ආසියාවෙදී ඇමරිකාව පිටිපස්සේ ඉන්දියාව ඉන්නවා.හැබැයි මෙතනදී ඉන්දියාව ඇමරිකාවත් එක්ක කරන රෝල් එකක් වගේම තනියෙම කරන රෝල් එකකුත් තියනවා.අද රටේ රාළ කතා කරන්නේ ඉන්දියාව තනියෙම කරන රෝල් එක ගැන.ඇත්තටම එහෙම කියන එකේ පොඩි දේශපාලන වැරැද්දකුත් තියනවා.හැබැයි මේ තත්වය තේරුම් ගන්න ඒකේ ලොකු පහසුවක් තියනවා.

ශ්‍රී ලංකාව ඇතුළේ මෑතකාලීන ඉන්දියානු මැදිහත්වීම බරපතල එකක්.ඒකට ලංකාව පැත්තෙන් ලොකුම ප්‍රවේශය තියන්නේ බැසිල් මුදල් ඇමති උනාට පස්සේ.රටේ රාළ හිතන්නේ නෑ ගෝඨාභය ඒක නොදන්නවා කියලා.මේ මැදිහත්වීමට අවශ්‍ය පාර හැදෙන්නේ ඇමරිකාවේදී.ගෝඨාභය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන්න ගිය ඇමරිකානු සංචාරයේදී.එතනදී ඇති උන ශ්‍රී ලංකා ඉන්දියා විදේශ ඇමතිවරුන්ගේ සාකච්ඡාවේදී.එතනදී තමයි මේ න්‍යාය පත්‍රය හැදෙන්නේ.සමහරවිට බැසිල් හා ඉන්දියාව කලින් කතා කරගත්ත එක එතනින් එලියට දැම්මා වෙන්නත් බැරි නෑ.කොහොම හරි එතන ඉදන් ඊයේ පෙරේදා කෘශිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කරන්න නාමල් උපාසක මහත්තයගේ නායකත්වයෙන් ගිය ධර්ම දූත කණ්ඩායම දක්වා සියලු සිද්ධි ඒ න්‍යාය පත්‍රයට අදාලයි. හැබැයි රටේ රාළ කියන්නේ ඔය අපි දැක්කේ ඒ න්‍යාය පත්‍රයේ මුල කොටස විතරයි.මුල කොටසට අනුව අග කොටස ගැන හිතාගන්න රටේ රාළට නං පුළුවන්.ඕනිම න්‍යාය පත්‍රයක මුලටම එන්නේ ආගම සිහි කිරීම.විනාඩියක් නිහඩව සිටීම.බෙර සන්දනි,පිලිගැනීමේ කතා වගේ ඒවා.හැබැයි අරමුණ පැහැදිලි කරනකොට තමයි තරු විසි වෙන්නේ.මේ න්‍යාය පත්‍රයේ අරමුණ පැහැදිලි කිරීමක් නෑ. ඒක අපි තේරුම් ගන්න ඕනි.

මෙතනදී ඉන්දීය විදේශ ලේකම්ගේ පැමිණීම, ඉන්දියානු පාලක පක්ෂයේ ප්‍රධානියෙකු උන සුබ්‍රමනියම් ස්වාමීගේ පැමිණීම.ඉන්දියන් හමුදා ප්‍රධානියාගේ පැමිණීම වගේම එයාලා ලංකාව ඇතුළේ කරපු ඔක්කොම ක්‍රියාකාරකම් ඔය න්‍යාය පත්‍රයට අදාළයි.ඒවා ගැන ඒ ඒ අවස්ථාවේදී රටේ රාළ කියලා ඇති.මෙතනදී ඉන්දියාව ඉතා දියුණු උපක්‍රම තුනක් අනුගමනය කරනවා.එකක් තමයි එයාලා ලංකාවේ ආණ්ඩුව කළමණාකරණය කරන විදිහ.ඇත්තටම ඒකට එයාලා යොදවන්නේ බලහත්කාරය.ඒ වගේම කොන්දේසි.එතනදී ත්‍රිකුණාමලය තෙල් ටැංකි ලබා ගැනීම.පලාත් සභා මැතිවරණය පවත්වා ගැනීම,13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කර ගැනීම කියන කාරණාවලදී එයාලා සෘජුව දරදඩු තැනක ඉන්නවා.අපේ ආණ්ඩුව ඒ ප්‍රශ්නේ ඉස්සරහා නිවටයි වගේම බයාදුයි.ඒකට හේතුව තමයි ඔය කාරණා තුන ගැන අපේ නායකයෝ ඉන්දියාවට බොරු පොරොන්දු දීලා තියනවා.හැබැයි එයාලට අපි රවට්ටනවා වගේ හැමදාම ඉන්දියාව රවට්ටන්න බෑ.ඒකේ සීමාවක් තියනවා.දැන් ඒ සීමාව පැනලා.

ඒ රැවටීම ජේ.ආර්ගේ ඉදන් ගෝඨාභය දක්වාම උන බරපතල දේශපාලන වැරැද්දක්. සමහරවිට එහෙම නොකළේ ප්‍රේමදාස හා ඩී.බී විතරක් වෙන්නත් පුළුවන්.ඒ එයාලට ප්‍රමාණවත් කාලයක් බලයේ ඉන්න බැරිවීම නිසා වෙන්නත් පුළුවන්.ඉන්දියාව මේ තග් පාට් එක ආණ්ඩුවට දානවා වගේම ඉන්දියාවේ මේ තග් පාට් එක අපේ සමාජයට නොදැනෙන්න වග බලා ගන්නවා.ඒ පාඩම එයාලා ඉතිහාසෙන් ඉගෙන ගෙන තියෙනවා. පාලකයෝ කොච්චර දණ ගස්ස ගත්තත් වැඩක් නෑ ජනතා විරෝධය මතු වෙනවා නම්. එයාලා ඒ පාඩම ඉන්දු – ලංකා ගිවිසුමේදී වගේම කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගන්න ගිය මෙහෙයුමේදී තේරුම් අරන් තියනවා.ඒක නිසා අපේ නිවට පාලකයන්ට තරවටු කරන ඉන්දියාව රටේ ජනතාවට පෙන්නන්නේ වෙනත් ලස්සන චිත්‍රයක්.ඒකට තමයි ඉන්දීය විදේශ ඇමති ආව ගමන් දළදා වදින්න යන්නේ.අපිට කෘශිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමට පලමු ගුවන් යානය අරන් එන්න කියන්නේ.ඒක කෘශිනාරා බුද්ධ පරිනිර්වානයට ගැට ගහන්නේ.එයාලා මේ අමතන්නේ අපේ බෞද්ධ මනසට. ඇත්තටම මේවා මානසීය මෙහෙයුම්. (Psychological Attack)

අපේ පාලකයොත් මේ රටේ ජනතාව ගොනාට අන්දන්න ආගමික ලබ්ධිය පාවිච්චි කරනවා. ඉන්දියාවේ පාලකයෝ වගේම අපේ රටේ පාලකයොත් ජනමතය කොල්ල කන්න යොදා ගන්න එක ප්‍රධාන මෙවලමක් තමය අපේ තියන ආගමික භක්තිය.ඒ වගේම මේ ප්‍රශ්නනෙදී ඉන්දියාව ලබපු තවත් දැවැන්ත ජයග්‍රහණයක් තමයි අපේ රටේ විපක්ෂ දණ ගස්සා ගැනීම.අපේ රටේ විපක්ෂ නායකයා කියන්නේ ඉන්දියන් රූකඩයක්.ඔයාලගේ නායකයා වෙන්න ඇති.ඒත් ඇත්ත කතා කරමු. මේ ඉන්දීය මැදිහත් වීමට එරෙහිව වචනයක් කියන්න සජිත් බයයි.මොකද සජිත් හිතාගෙන ඉන්නේ එයාට බලය ගන්න ඉන්දියාව ශේප් එකේ තියාගෙන ඉන්න ඕනි කියලා.එතකොට සජිත්ට බලය ගන්න මේ පාලකයෝ ඉන්දියාවත් එක්ක කරන නිවට පාවාදීම් ඉස්සරහා මික් සද්ධයක් නැතිව ඉන්න එක හරිද?මේ ඉන්දීය ආක්‍රමණය ඉස්සරහා සජිත් අහක බලාගෙන ඉන්න එක හරිද?එදා මේ රටේ තිබුණ ඇමරිකානු ඉන්දියානු විරෝධය අද කෝ.ඒවා ඉබේම නැති උනාද?නැත්තං ඇමරිකාවයි ඉන්දියාවයි හොද උනාද?නෑ මේ තමයි Raw,CIA සංවිධාන කරපු මෙහෙයුම්.අද එයාලා සියලුම ඉන්දු ඇමරිකන් විරෝධියෝ සාක්කුවේ දාගෙන.

අද අපේ රටේ පක්ෂ විපක්ෂ දෙපැත්තේම ඉන්න ඊනියා දේශප්‍රේමියෝ කතා කරන්නේ අපේ මාතෘ භූමිය වෙනුවෙන් නෙවෙයි ඉන්දියාව වෙනුවෙන්.ඒ බලය වෙනුවෙන් නැත්තං ඉන්දියානු රුපියල් වෙනුවෙන්. එහෙමත් නැත්තං ඇමරිකානු ඩෝලර් වෙනුවෙන්.ඇත්තටම පක්ෂ විපක්ෂ එකතු වෙලා රට පාවලා දීලා ඉවරයි.එදා හිටිය සිරිමාවෝලා අද නෑ.අඩුම ගානේ එදා හිටිය ප්‍රේමදාසලාවත් අද නෑ.අද ඉන්නේ ඕනි බලවතෙක් ඉස්සරහා දෙකට තුනට නැමෙන රාජපක්ෂලා වගේම ඉන්දියාවට දණ නමස්කාර කරන ප්‍රේමදාසලා ඇතුළු කණ්ඩායමක් විතරයි.රටේ රාළ කියන්නේ බුදුන්ට වදින්න ඉන්දියාවේ මේ දුෂ්ඨ ආක්‍රමණයට වදින්න එපා.ඒක ජවිපෙට වගේම 43 ටත් අදාළයි.

එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි.ජයවේවා.

මීට
රටේ රාළ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More