ඊයේ (21) පැවති ගුරු වර්ජනය අති සාර්ථකව දිවයින පුරාම ක්‍රියාත්මක වෙමින් පවතින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් පවසයි.
උතුරු නැගෙනහිර පළාත්වල ගුරු වර්ජනය ක්‍රියාත්මක කිරීමට නොහැකි බවට සරත් වීරසේකර වැනි ඇමතිවරුන් පවසා සිටියත් උතුරු නැගෙනහිර පවා අද දිනයේ සාර්ථක ලෙස වර්ජනය ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔහු කියා සිටියි.
වර්ජනය හේතුවෙන් පාසල්වලට දරුවන් මෙන්ම ගුරුවරුන්ද නොපැමිණි අතර බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් පවා පාසලට නොපැමිණ ආණ්ඩුවට සිය විරෝධය දක්වා තිබිණ.
ජෝසප් ස්ටාර්ලින් පැවසුවේ, ගුරුවරුන් අද ලබාදුන් පණිවුඩය ආණ්ඩුව තේරුම් ගෙන වහාම අමාත්‍ය අනුකමිටුව මගින් යෝජනා කළ වැටුප් වැඩිවීම ගුරුවරුන් වෙත ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.
එසේ නොවුනහොත් නැවත වරක් උද්ඝෝෂණ මාලාවක් තුළින් යළිත් ආණ්ඩුවට විරෝධය දැක්වීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...