දේශීය පුවත්

ඊයේ (21) ,සමහර ඉන්ධන පිරවුම්හල්වල උද්ගතවී තිබූ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින්, රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටීයේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ගම්මන්පිල මහතා පැවසුවේ,
“එකම දේ 108 වතාවක් කිව්වහම ඒක අත්තක් වෙනවා යැයි කියලා පරණ ගැමි විශ්වාසයක් තිබෙනවා. ඒ නිසාද මන්ද පසුගිය මාස 4 පුරාවට වරින් වර ඛනිජ තෙල් වෘත්තීය සමිතිත් ඒ වගේම විපක්ෂයේ දේශපාලකයිනුත් තෙල් හිඟයක් ඇතිවෙන බවට පදනම් විරහිත ප්‍රකාශ කරනවා. පසුගිය මාස 4ටම මේ අය කිවූ තෙල් හිඟය ඇතිවුණේ නෑ. මම පොරොන්දු වුණා රටේ තෙල් හිඟයක් ඇතිවෙනවා නම් මම කලින් කියනවා කියලා. ඒ වගේම සැප්තැම්බර් මාසේ 29 වනදා මම රටට කිව්වා බොරතෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා හැබැයි ඒක නැති කරගන්න අපි කටයුතු කරමින් යනවා එය පෙට්‍රල් ඩීසල් සහ භූමිතෙල් වලට බලපාන්නේ නෑ කියලා. නැවත වතාවක් කියන්න තියෙන්නේ රටේ කිසිම තෙල් හිඟයක් නෑ. බොරුවට කලබල වෙන්න එපා,” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More