ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධිත නිදහසේ නියමුවෝ ප්‍රකාශන අංශය විසින් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) ‘තෙවැනි මග’ නම් මාසික සඟරාව එළිදැක්වීම පිට කෝට්ටේ පිහිටි සෝලිස් ශාලාවේදී සිදු කළේය.
එම අවස්ථාවට සාහිත්‍යය සූරී ගුණදාස අමරසේකර මහතා ඇතුළුව සිවිල් දේශපාලන ක්‍රියාකාරිහු රැසක් සහභාගි වූහ. දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු කුඩා පක්ෂවල නියොජිතයෝ සියළු දෙනාම පාහේ එම අවස්ථාවට සහභාගි වී සිටීම විශේෂත්වයකි.
සඟරාව රැස්ව සිටි පිරිසට පිළිගැන්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ, ‘තෙවැනි මග’ තුළින් සමාජයේ මතුවෙමින් ඇති ප්‍රශ්නවලට පිළිතුරු දෙන සංවාද මණ්ඩපයක් ඇතිකරනු ඇති බවයි..
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ අමාත්‍යයවරයා,
“නුසුදුසු උත්තර හොයා ගත්තොත් ඉන්න තත්ත්වයෙනුත් පල්ලෙහාට වැටෙන්න පුළුවන්. ලෝකයේ රටවල්වලට එහෙම වෙලා තියෙනවා. අපේ සමාජය උත්තර හොයන වෙලාවක් මේක. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා සුදුසු උත්තර හොයා ගන්න. ලබාගත්තු උත්තරය ගැන වේදනාවට පත්වෙලා ඉන්න ජනතාවට ඒ උත්තරය ගැන කථිකාවක් ඇතිකිරීම තමයි අපේ අරමුණ. අද සමාජය අනපේක්ෂිත අර්බුදවලට මුහුණදීලා ඉන්නේ. වසංගතය අපිට පාලනය කරන්න බෑ. හැබැයි අපි අපේ අතින් නිර්මාණය කරගත්තු අභියෝගත් තියෙනවා. ඒවා නිර්මාණය නොකරගෙන හිටිය නම් ඒකෙන් ගැලවෙන්න පුළුවන්. හැබැයි අපිට කවර ආකාරයකින්වත් මගහරින්න බැරි අභියෝග තියෙනවා. ඒවාට විසඳුම් සෙවිය හැකි මගක් අපි විසින් වහා වහා නිර්මාණය කරගත යුතුව තිබෙනවා. ගුරුත්වාකර්ෂණ බලයට අඩුවෙන්ම ලක්වෙන රටක් ශ්‍රී ලංකාව. උපාය මාර්ගිකව වැදගත් පිහිටීමක තිබෙන රටක්. අද බැලුවාම අපේ රට තිබෙන්නේ තිබිය යුතු ස්ථානයේ නෙමෙයි. ඊට වඩා ගොඩක් පහළ ස්ථානයක. ඒ වැරැද්ද ඇතිවීමට බලපාපු හේතු ගොඩක් තියෙනවා. අපේ රටට ඒ සිදුවෙලා තියෙන ඓතිහාසික වැරැද්දෙන් අපේ රට එළියට ගන්න පොටයි අපි පාද ගතයුතුව තියෙන්නේ. මං හිතනවා.., මේ ඉතිහාසය සෙමෙන් විලිරුදාවෙන් පෙළෙන්නේ එක්තරා ආකාරයක එවැනි දරු ප්‍රසූතියක් සඳහා කියලා. සාමාන්‍ය අවස්ථාවකදී අපි හොයාගන්නේ නැති උත්තර විශේෂ අවස්ථාවලදී හොයාගෙන යනවා. දැන් අපි ඉන්නේ සාමාන්‍ය උත්තරවලින් විසඳුම් නොලැබුණු විශේෂිත අවස්ථාවක. ඒ නිසා දැන් අපිට තෝරා ගන්න වෙන්නේ මේ විශේෂ තත්ත්වය දකින්න පුළුවන්, ඒක අබිබවන්න පුළුවන්, වැරැද්ද නිවැරදි කරන්න පුළුවන් උත්තර. ඒ උත්තර අපි විසින් සපයාගතයුතුව තිබෙනවා. අපි මෙතෙක් දේශපාලනයේ ඉටුකරන ලද කාර්යභාර්යයේ තීරණාත්මක පිළිතුරු සැපයීම කරා දැන් මුහුණ දෙමින් සිටිනවා. හෘද සාක්ෂියත් එක්ක ගනුදෙනු නැති ඩොලර් මිටි එක්ක ගනුදෙනු තියෙන අයට මේවා තේරෙන්නේ නෑ. තෙවැනි මග සඟරාවක් පමණක් නෙමෙයි. මේ රටේ මහජන මනසේ බුර බුරා ඇවිලෙන,කෝ අපේ මාවත කියලා නැගෙන ප්‍රශ්නයට උත්තර දෙන සංවාද මණ්ඩපයක් බවට පත්වේවි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...