දේශීය පුවත්

වර්ජනයට එක්ව සිටින විදුහල්පතිවරුන් අද (21 දා) දින පාසල් විවෘත කිරීමට ඉඩකඩ ලබා නොදුනහොත් ඉබි යතුරු කඩා හෝ පාසල් විවෘත කර දරුවන් ඇතුළු කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (20 දා) පැවසීය.

දරුවන්ට ඇතුළුවීමට ඉඩකඩ ලබා නොදෙන පාසල්වලට අදාළ බල ප‍්‍රදේශයේ අධ්‍යාපන බලධාරීන්, පොලිිසිය සහ දෙමාපියන් යවා එම පාසල් විවෘත කිරීමට අවශ්‍ය උපදෙස් මේ වනවිටත් ලබාදී ඇති බව බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඇතැම් විදුහල්පතිවරුන්ගේ විරෝධය මධ්‍යයේ අද දින පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව කළ විමසීමකදී ඇමැති සරත් වීරසේකර මහතා මේ බව කීය.

එමෙන්ම පාසල් විවෘත කරන විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා මේ වනවිට ක‍්‍රියාමාර්ග ගෙන ඇති බව ද ඇමැතිවරයා පවසයි.

විවෘත කරන පාසල් අවට පොලිස් ආරක්ෂාව යෙදවීමටත් ජංගම මුර සංචාර යෙදවීමටත් අදාළ පොලිස් ප‍්‍රධානීන් වෙත මේ වනවිටත් පොලිස් මූලස්ථානය උපදෙස් ලබාදී ඇත.

පාසල් විවෘත කිරීමට සම්බන්ධවන විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට විවිධ සංවිධානත්මක පුද්ගලයන්ගෙන් එල්ලවී ඇති තර්ජන ගර්ජන නිසා මේ ආකාරයට පාසල් අවට පොලිස් ආරක්ෂාව යෙදවීමට ක‍්‍රියාමාර්ග ගෙන ඇති බව ද පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පැවසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More