දේශීය පුවත්

කුරුඳු, ගම්මිරිස්, සාදික්කා, කරාබුනැටි, කෝපි ඇතුළු ප්‍රධාන අපනයන භෝග රැසක වෙළඳපොළේ මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර රට තුළ ඩොලර් හිඟ වී ඇති අවස්ථාවක මේ වසරේ සැප්තැම්බර් මස 30 වැනි දා වනවිට පමණක් කුළුබඩු අපනයනය කිරීමෙන් ඇමරිකන් ඩොලර් මිලියන 350ක ආදායමක් ලැබී ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

දැනට වෙළඳපොළේ ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 900 දක්වා ඉහළ ගොස් ඇති අතර, එම මිල පසුගිය කාලසීමාව තුළ පැවතුණේ රුපියල් 500ක් ලෙසයි.

මීට අමතරව කුරුඳු කිලෝවක මිල ද රුපියල් 3,400 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම කරාබුනැටි කිලෝවක මිල ද රුපියල් 1,400 දක්වා සහ සාදික්කා කිලෝවක මිල රුපියල් දහස දක්වා ඉහළ ගොස් ඇති බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෝපි කිලෝග්‍රෑමයක මිලද රුපියල් 1,250 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ, පුවක් කිලෝවක මිලද රුපියල් දහස දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එසේම වසරේ මේ දක්වා කාලය තුළ පමණක් කුරුඳු, ගම්මිරිස්, කරාබුනැටි ඇතුළු ප්‍රධාන අපනයන භෝග මෙට්‍රික් ටොන් 45,000කට වැඩි ප්‍රමාණයක් අපනයනය කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More