විශ්වවිද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා උපකුලපතිවරුන් හා සෞඛ්‍ය බලධාරීන් අතර මෙම මස 22 වැනිදා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
කොවිඩ් එන්නත ලබා ගෙන සිටින සිසුන් සම්බන්ධ තොරතුරු ද මෙම සාකච්ඡාවට ඉදිරිපත් කෙරෙන අතර එන්නත ලබා නොගත් සිසුන් පිළිබඳව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ද මෙදින තීරණය කෙරෙන බව වාර්තා වනවා.
එම සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී තීරණය කරන බව ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා.
දැනට ලැබී ඇති තොරතුරු අනුව ඇතැම් විශ්වවිද්‍යාලවල සිසුන්ගෙන් සියයට අසූවක් පමණ එන්නත ලබාගෙන තිබෙන බවයි මහාචාර්යවරයා පැවසුවේ.
මේ අතර මුලින්ම අවසන් වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම කෙරෙහි කොමිෂන් සභාව අවධානය යොමු කර තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...