දේශීය පුවත්

දෛනිකව ගුවන් ගමන් බලපත්‍ර (Passport) ලබා ගැනීමේ වර්ධනයක් ඇතිව තිබේ.ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, එක්දින සේවය යටතේ, සේවය ලබා ගන්නා පිරිස 500 කින් පමණ ඉහළ ගොස් ඇති බවය.

මීට පෙර සාමාන්‍ය දිනක එක්දින සේවය යටතේ, ලැබෙන ඉල්ලුම්පත්‍ර සංඛ්‍යාව 1000 කි.

එහෙත් රට පුරා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීති සමයෙන් පසු එක්දින සේවය යටතේ සේවා ලබා ගන්නා අයැදුම්පත්‍ර සංඛ්‍යාව 1500 ඉක්මවා ඇතැයි, ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව, කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පසුගිය දින 10 ක කාලය තුළ එක්දින සේවයෙන්, සේවා ලබා ගෙන ඇති පිරිස 12,158 කි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, එම කාල සීමාව තුළ සාමාන්‍ය සේවයෙන් පුද්ගලයින් 11,242 දෙනෙකු විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයැදුම්කර ඇති බවයි.

මීට අමතරව, මාතර, මහනුවර, වව්නියාව සහ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලවලින් ගතවූ දින 10 තුළ පමණක් පුද්ගලයින් 10,145 දෙනෙකු සේවා ලබා ගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More