දේශීය පුවත්

මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කිරීමට අවශ්‍යය නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය වන ලීටර් ලක්ෂයක තොගයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත ඉන්දියාවෙන් මෙරටට අද (20) අලුයම 12.25ට පමණ රැගෙන ආ බව වාර්තාවේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 1156 දරණ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට අදාළ පොහොර තොගය මෙරටට රැගෙන ආ බව වැඩිදුරටත් වාර්තාවේ.

මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කිරීමට අවශ්‍යය නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31ක් මෙරටට ආනයනය කිරීම සඳහා ඇනවුම් කර ඇති අතර, ඉන් පළමු තොගය ලෙස මෙම ලීටර් ලක්ෂයක තොගය මෙරටට රැගෙනවිත් තිබේ.

අදාළ පොහොර තොගය මේ වන විට වත්තල, හුණුපිටිය කළම්බු කොමර්ෂල් පොහොර සමාගමේ මධ්‍යම ගබඩාව වෙත රැගෙන ගොස් ඇති බව කියවේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කෘෂිකර්ම අමාත්‍යාංශය පවසා සිටියේ මෙම දියර පොහොර තොගය මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබා දීම අද සිට සිදුකරන බවයි.

මෙම සතිය තුළ දියර පොහොර ලීටර් ලක්ෂ 05ක් මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම දෙපාරතමේන්තු ආරංචි මාර්ග පවසා සිටී.

පොහෙර තොගය භාර ගැනීම සඳහා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ,

“පසුගිය කාලපරිච්ඡේදය තුළ අපි දිගින් දිගටම දැක්කා මේ රටේ ගොවි ජනතාව ඔවුන්ට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ සහ ක්‍රියාකාරම් වල නිරත වන බව. එම කාරණය සම්බන්ධයෙන් ජනාධිපති තුමා විශේෂ මැදිහත්වීමක කරණු ලැබුවා. ඒ අනුව ඉන්දියන් රජය සමඟ සාකච්ඡා කරලා මහ කන්නයේ වගා කිරීමට අවශ්‍ය කරන නැනෝ තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන දියුණු තාක්ෂණය යටතේ, ඉහළ ඵලදායිතාවයක් සහිත පොහොර තොග අද සිට ගෙන ඒමේ කටයුතු ආරම්භ වෙලා තියෙනවා.”

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදෙස් ගතව ඇති බැවින් වැඩබලන කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More